MCQ Expert

අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ මාතර රාහුල විද්‍යාලයෙ, අපි ලොකු එක්සිබිෂන් එකක් කරා. “විද්‍යාභිමාණී – 2012” කියලා.ඒක දවස් හතරක් තිබුන විද්‍යා ප්‍රදර්ශනයක් ! දකුණු පළාතේ maths, bio කරන ඉස්කෝලවල ළමයි ගොඩක් ඇවිත් හිටියා. මේකෙ bio, chemistry, physics, maths කියන හැම එකෙන්ම ප්‍රදර්ශන කුටි තිබුනා.

ඉතින් මේකට අනිවාර්යයෙන් හැමෝම මොකක් හරි practical එකක් ඉදිරිපත් කරන්න ඕන. මම නම් ඉතින් මොනවත් කරන්න හිටියෙ නෑ, මම විද්‍යා සංගමේ සාමාජිකයෙක් නිසා. ඒත් නිකං මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවක හිතුනා මොනවහරි කරා නම් හොඳයි කියල. Continue reading

ඔන්ලයින් චිත්‍ර ඇදීම

FlockDraw

ඔන්ලයින් ක්‍රමේට චිත්‍ර අදින්න පුළුවන් අන්තර්ජාල සේවාවක් තමයි ‍ෆ්ලොක් ‍ඩ්‍රෝ FlockDraw(FlockDraw) කියන්නෙ. මේ වෙබ් අඩවියට ලොග් වෙලා චිත්‍ර අදින්න පුළුවන් ඒ වගේ තමයි ඒ නිර්මාණය ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට වැරදි නිවැරදි කරලා ලස්සනට චිත්‍රය ඉවරකරන්න පුළුවන්. මේක වෙන්නෙ සෝෂල් නෙට්වර්කිං ක්‍රමයට නිසා ‍ෆේසි බුකියෙ ඉන්න යාළුවො කිහිප‍ දෙනෙකුට එකම චිත්‍රයක් අදින්න හැකියාව තියනවා.

මේ වගේ ම තව වෙබ් සේවාවක් තියනවා Pixlr (pixlr.com)කියලා, pixlr
ඒක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆොටෝ ෂොප් වගේ තමයි. මේක පින්තූර edit කරන්නත් පුළුවන්.

editing a pictureමේකෙ තියන ටූල්ස් වලින් ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් වෙනවා. අපි ෆොටෝෂොප් වලින් නම් පින්තූරයක් හදලා ෆේස්බුකියට දාන්න නම් අප්ලෝඩ් කරන්න ඕන නේ මේක ඒවගේ නෙවෙයි එවලෙම ඒක ‍ෆේස්බුක් එකත් එක්ක බෙදා හදාගන්න පුළුවන්. මේ වෙබ් සේවාවට pixlr.com/editor හරහා සම්බන්ධ වෙන්න හැකියාව තියනවා.

සුබ උපන්දියක් ට්විටර්!!!

ට්වටර් වෙබ් අඩවිය සිය පස්වෙනි උපන් දිනය සමරයි

අපි කවුරුත් දන්න “ට්විටර්“ වෙබ් අඩවිය මේ සතියෙ ට්වර්ගෙ පස්වෙනි උපන් දිනය සමරනවා ඒ කියනනෙ 2006 ජුලි 14 වෙනිදා පටන් ආරම්භ කරපු මේ වෙබ් අඩවිය සිය පස්වෙනි සංවත්සරය සමරනවා.
අන්තර්ජාලයේ ඇති සමාජවෙබ් අඩවි අතුරින් ට්විටර් වෙබ් අඩවියට මේ අවුරුදු පහ ඇතුළත ප්‍රමඛස්ථාකයක් ගන්න පුළුවන් වෙලා තියනවා. මේ පස් අවුරුද්ද වෙනකොට ට්විටර් සාමාජිකයන්මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ට්විටර් හා බැඳී තම අදහස් බෙදා ගන්නවා. ඒ වගේම තමයි දවසකට ට්විටර් ගිනුම් 600,000ක් පමණ අන්තර් ජාලයට එක්වෙනවා.
ට්විටර් බොහෝ අය හඳුන්වන්නෙ අන්තර්ජාලයේ කෙටි පණිවුඩ සේවාව කියලා. ඒ තරමට ට්විටර් වෙබ් අඩවිය හරහා තමන්ගෙ අදහස් තම මිතුරු මිතුරියන් සමඟම බෙදා ගැනීම දැන් පරම්පරාවේ විලාසිතාවක් බවට පත්වෙලයි තියෙන්නෙ. මේ ට්විටර් වෙබ් අඩවිය ලොව සුපිරි තරු තම රසිකයන් හට තමන්ගෙ අළුත්ම තොරතුරු ලබා දීමේ උපාය මාර්ගයක් කොට ගෙන තියෙනවා. අපි හැමෝම දන්න විදියට තම සගයන්ට තම එදිනෙදා තොරතුරු, අදහස් වැනිදෑ ට්වීට් කරනවා. තව අවුරුදු කිහිපයක් යත්ම ලොව ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ට්විටර්හි සමාජිකයන් වේවි…