බීම සහ යාළුවෝ!

බොන උන් 13ක් මැද නොබී සිටීම ඉතා කදිම ක්‍රියාවකි. සමහරෙකුට එය කම්මැලි යැයි කිව හැක. නමුත් එය එසේ නොව, එකිනෙකා මට්ටමෙන් මට්ටමට විවිධාකාර මත් ස්වභාවයන් හට පැමිණේ. උන් හැකි වන බව දැනමුත් තමා ඉන්න මට්ටම නොදනී. අැතැමුන් අනුන්ගෙ මට්ටම් දනී. මා සියල්ලන්ගේ මට්ටම් දනී.

මත් වූ විට කටගැස්මට ගන්නේ ගීතයයි. එය සෑම විටම හය අට සංගීතයට හුරු එකක් ගන්නේ නර්තනයට පිටිවහලක් වන නිසාය. ඊට පද පේලි එකක් පමණක් දැන ගැනීම ප්‍රමාණවත් ය.

මේ අතර තුර සිදුවන තවත් දෑ තිබේ. සංගීතය කුමක් වුවත් සමහර විටෙක නැති වුව‍ද එකම නැටුම එක දිගට කර ගැනීමේ හැකියාව අැති අයද මේ අතර වේ. තවත් අයෙක් කියනා ගීතය හැර තමන් කැමති ගීයක් කියයි. මත් වූ අනෙකුත් සිතන්නෙ සැවොම එකා දේ එකම ගීයක් ගයන බවයි.

මත් බව වැඩිවත්ම නිහඬව සිටි කබරගොයි තලගොයි එළියට එ්ම සිදුවේ. අැතැමුන් සිහින දකී.

සුමිහිරි සංගීතයකට එකතු වන්නේ නොබී සිටිනන් හෝ මත් බව පහවෙමින් යන උන්ය. නැති නම් මල් පැණි බී පැමිණෙන මී මැසි රංචුවකි.

මේ සියල්ල බලා සිටීමම අැත්තෙන්ම කදිම ක්‍රියාවක් නොවේ දැ?

Blog එකේ මකුණු දැලුත් බැඳිලා

අවුරුදු ගානකට කලින් හදපු blog එකට අද පොඩ්ඩක් ගොඩ උනා. දෙයියනේ සෑහෙන කාලෙකින් මුකුත් ලියලත් නෑ. ඒ කාලෙයි මේ කාලෙයි එක්ක බලනකොට කොච්චර වෙනස් වෙලාද. ආණ්ඩු මාරු වෙලා, ජොබ් මාරු වෙලා, ඉන්න තැන මාරු වෙලා,  සිංගල් ඩබල් වෙලා, ගං වතුර ඇවිල්ලා, වෙන්න තියන හැමදේම වෙලා.
හැමදාම ඉතින් bathroom එකේ ඉන්නකොට නම් මතක් වෙනවා blog ලියන්න හොඳ අයිඩියාස් එහෙම. නාගෙන එනකොට අයිඩියාස් කැලි ටිකත් හේදිලා යනවද කොහෙද.
හෙට ඉඳලවත් ලියන්න ඕන මොනාහරිම…(හෙට කියල කියන්නෙ ඉතින් කවද්ද කියල මං දන්නෙත් නෑ ඉතින්) :3

ආයෙත් Crash Zone බලන්න!

වැඩ ගොඩකට හිරවෙලා හිටපු නිසා ළඟදී TV Series එකක්වත් film එකත් බලන්න බැරි උනා ගොඩක් දවසකින්. බඩීගෙන් ලැබුනා Game of Thrones ඔක්කොම ටික. ඒක බලන්න පටන් ගන්න කලින් වැඩ කර කර ඉන්නකොට මතක් උනා Crash Zone (පරිගණක දඟයෝ) කියල Series එකක් පොඩිකාලේ ජාතික රූපවාහිනියේ තිබුනා බව. දැන් මෝඩ කොරියන් කතා පෙන්නුවට ඉස්සර රූපවාහිනියේ පට්ට ටීවී සීරිස් ටිකක් ගියානේ. අද කාලෙ පොඩි උන් පින් කරල නෑ ඒවා බලන්න.

ඒක හොයනකොට එලකිරි එකේ ත්‍රෙඩ් එකක තිබිලා හොයා ගත්ත. ඔයාලත් බලනවා නම් මෙන්න ත්‍රෙඩ් එක.

Continue reading