කවුද මේ නලදත්?

Esoft එකේ පොඩි මෙව්වා එකක් තිබුනා නේ.. මෙව්වා එකක් කිව්වෙ පොඩි Get Together එකක්. ඒකෙ සිද්ද උන සීන් එකක් තමයි මේ. අද දමිත් සර් photos දාලා ඒවට comment කරනකොට නිකමට වගේ හිතුනා. හිතට ආව ඒවා අතට ගත්තා ඉතින් :P. I didn’t mean it. I just wrote it කියල තමයි ඉතින් මං කියන්නෙ 😉

ඔන්න එහෙනම්… Continue reading

ගැලරියේ ගාලු සංචාරය – 2014

“හුටා! හෙට උදෙන් ම නැගින්නත් ඕන නේ“ යැයි සිතමින් මා පෙර දින යහනට පැන්නත් මට නම් නිදි දෙව්දුව ගෙන් කිසිදු ආයචනය තිබුනේ නැත. හෙට දින උදාවවන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. කෙසේ හෝ මට නින්ද ගොස් තිබිනි. රමීෂා සහ සනෝ අක්කලාගේ දුරකතන ඇමතුම් සමඟ පිබිදුන මා 5.45ට පමණ මාතර  දුම්රිය ස්ථානයට ළඟා වීමි. රුහුණු කුමාරි දුම්රියෙන් අපි ගාල්ලෙන් බසිනවිට වෙලාව 7ට ආසන්න වී තිබින. චතුරුකත් අප සමඟ සිටි බැවින් අප කතා කරගත් පරිදි The Art Galleryයෙහි අනෙක් සාමාජිකයන් සිටින ගාල්ලේ උසාවිය ළඟට ගියේ Google Maps වල අධාරයෙනි. Continue reading

ඇය කවුද?

tumblr_mb6g80Mdh31qbceqdo1_500මඟුල් ගෙවල් වනු මට අවමඟුල්ය. මන්දත්, මංගල උත්සවයකට සහභාගී වීම යනු බකංනිලා සිටීමකි.අම්මලා ඔවුනොවුන්ගේ ඔපා දූප කතා කරති. තාත්තලා වෙනත් තැනක රහ මෙර පානය කරමින් හෝ නොකරමින් සිටිති. මා හට කතා කිරීමට කෙනෙක් නොමැති ‍නම් හෝ ඔබ ඔබ සිටීමට ජංගම දුරකථනයක් නැතිනම් එහි සිටිනවාට වඩා ගෙදර තනිව සිටීම සැපය.
එයද එක්තරා මංගල උත්සවයක් විය. ඇරයුම ‍ලැබෙත්ම මා එහි යාමට විරෝධය පල කළේ එය ඇත්තෙන්ම  “නාකි මඟුලක්” හා මට එය නොඅල්ලනා නිසාවෙනි. එමෙන්ම මට කතා කරන්නවත් කවුරුවත් හමු නොවනු ඇතැයි මා හොඳින් දන්නා නිසාවෙනි. මනමාලියට අවුරුදු 48යි. එසේනම් මනමාලයාගේ වයස නොකිව මනාය. කෙසේ හෝ මට ඒ මඟුලට යෑමට සිදු වූයේ මෑණියන්ගේ කන්දොස් කිරියාවත් පියාණන්ගේ වචන වලට ඇති බය නිසාත් නිසාවෙනි. එමෙන්ම මගේ සහෝදරයාට පස්වරු 2.30ට උපකාරක පංතියක් ඇති බැවින් වැඩි වේලාවක් එහි රැඳී නොසිටිනවා යැයි කී නිසාය.

මඟුල් ගෙදරට අපි පැමිණියෙමු. එය ඇත්තෙන්ම තිබුනේ මනමාලියගේ නිවසේය. මිදුලේ තැන් තැන් වල පුටු තිබූ අතර යම් යම් පුද්ගලයෝ එකිනෙකා අතර පොඩි සංවාද විය. පැත්තකින් ඝෝෂාකාරි බිස්කට් කුඩු ගීත ඇසෙන්නට විය. අපි ද එම පුටු කිහිපයක වාඩි වුනෙමු‍. මෑණියන්ගේ සහෝදර සහෝදරියන් කිහිපයක් හා ඔවුන්ගේ දරුවන් ඒ අතර විය. නමුත් ඒ අතර මට සමවයස් කිසිවෙක් නොවීය. අඩුම තරමේ මගේ ඇවැස්ස නෑනාවත් ඇවිත් සිටියේ නැත. මට පුදුමාකාර මූසලකමක් දැනුනි. ඈනුම් යවමින්, මගේ කුඩා ජංගම දුරකථනයේ ඇති ක්‍රීඩා කරමින් කාලය මිඩංගු කිරීමට මා උත්සහ ගත්තද මගේ කම්මැලි කම වැඩි වූවා මිස අන් කිසිවක් නොවීය. මාමාලා, පුංචිලා විභාගය ගැන අසන විට ඔව් නෑ බෑ තරඟයක මෙන් තනි වචනයෙන් හා ව්‍යාජ සිනහවින් මා පිළිතුරු දු‍න්නෙමි.

ඒ අතරම මා වට පිට බැලූවේ ඇහැට කණට පෙනෙනා “කෑල්ලක්” වත් සිටී දැයි බැලීමටය. මගේ නෙත් යුගල අංශක 360ම කරකවා බැලූවෙන් අක්කලා යැයි කිව හැකි කිහිප දෙනෙකු දැක ගත හැකි විය. ඔවු‍න් දෙස බලමින් සිටිනා විටදී තරමක් ලස්සන යුවති‍යක් මාගේ නෙත ගැටුනි. ටිකක් ඕනෑකමකින් මා ඈ දෙස බලන් සිටියේ මා වටා සිටි කිසිදු කෙනෙකුට එය නොතේරෙන ලෙසය. කම්මැලි කමෙන් හා ලොවම එපා වී වැනි හැඟීම් සමුදායක සිරවී සිටි මට ඈ දැකුමෙන් එම හැඟීම් තරමක් දුරට පහව ගියේ නියඟයකට පොද වැස්සක් වැටෙන්නාක් මෙනි. Continue reading