Site Overlay

Army Tatoo Matara

 පච්චයටක් කියලනේ. tatoo කිව්වට ඒ කියන්නෙ ශ්‍රී ලංකා යුධ හමුදාව කරන යුධ හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයට. මේකට ලංකාව හතර වටේම ඉන්න හමු‍දාවෙ අය ‍එනවා. ගිය මාසෙ අනුරාධපුරේ තිබිලා තියනවා. ඒක මේ පාර මාතරත් තිබුනා. තිබුනේ උයන්වත්ත පිට්ටෙනියෙ. සැප්තැම්බර් 23, 24, 25 දවස්වල තමා මේක තියන්න හිතා ගෙන හිටියේ.ටිකට්ස් වලට තමා බලන්න තිබුනෙ. රු. 100, රු. 500 සහ රු. 1000ටත් ටිකට් තිබුනා. බුදු අප්පොච්චි‍යේ ටිකට් ගන්න හිටිය සෙනඟ. ෆට්ට සෙනඟක් තමා ඇවිල්ලා හිටියෙ. ටිකට් ගන්න පොළිම මීටර් ගාණක් දිගට තිබුනා. මමත් ඉතින් පළවෙනි දවසෙ යන්න හිතා‍ගෙන හිටියෙ. වැඩේ හරි ගියේ නෑ. ටිකට් එකක්ගන්න තියා හිතා ගන්ත් බැරි තරමට සෙනඟ. දෙවෙනි දවසෙ ක්ලාස් නිසා කොහොමත් යන්න උනේ නෑ අන්තිම දවසෙ කොහොම හරි බලන්න යනවා කියලා හිතාගෙන හිටියා. එදත් ටිකට් ඉවර වෙලා. යන්න කවුරුවත් ෆිට් උනෙත් නෑ.

ඊට පස්සෙ ආරංචියක් ආවා ඒක තව දවසක් දික් කරලා කියලා, ඉතින් කොහොම හරි ‍එදා බලන් හිටියා. පට්ට සෙනඟක් ඇවිත් හිටියෙ මම අශාන් එක්ක ගියෙ. උ‍න්ගෙ අම්මලත් ඇවිත් හිටියා. එගොල්ලොන්ට ටිකට් තිබුනත් මට ටිකට් එකක් තිබුනෙත් නෑ. රවිඳු අඳුරන කෙනෙක් ඉන්නවා කියලා මට ඇතුළට දාන්න පුළුවන් කියල අශාන් කිවුවා. ඒත් රවිඳු ඒ පැත්තට එන පාටක් තිබුනෙ නෑ. මගේ ලක් එකට ටිකට් එකක් හම්බ උනා. ඉතින් කොහොමහරි ඇතුළට රිංගුවා. පෝළිමේ ඉන්න බැරි නිසා. short cut එකක් දාලා පොළිම පැනල ගියා. මාර සෙනඟක් හිටියෙ.තෙරපෙනවා තෙරපෙනවා. පිට්ටෙනිටයෙ ඉස්රහ යිටපු අයට වාඩි වෙන්න උනා. අපි නැඟිටලා බැලුවෙ. ෂෝ එක පටන් ගත්තා. මාරයි. ලොකු ස්ක්‍රීන් දෙකකිනුත් පෙන්නුවා. සරඹ සංදර්ශන, බලු සංදර්ශන ආ සොරි සුනඛ සංදර්ශන හැම එකක්ම තිබුනා. හිත ඇදිල ගියේ military police එකේ තිබුන මොටර් බයික් සංදර්ශනේ. අයේ බලන් ඉන්න ඔනේම කෙනෙකුගෙ හිත ඇදිලා යනවා. ගිනි වළලු වලින් පනිනවා. ගඩොල් බිත්ති කඩා ගනෙ යනවා. මේ හැම දේම කලේ දෙන්නයි මාර එඩිතර බවක් තියෙන්නෙ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *