Site Overlay

Boo

සිතුවිලි වලින් මා හද අද උමතුවෙලා
කියුමට නොහැක මේවා මට කවිකරලා
නමුත් හැකිද තබනට ඒවා හිරකරලා
ලියන්නට සැරසුනෙමි මා බ්ලොට වෙලා

දුටිමි ඔබේ මනරම් DP එක සොඳිනා
ලසන ළඳකි නෙත් නිල් මිණි දිලෙනා
ළපටි වතකි මුවෙ රන් හසරැලි අගනා
බිඳින් බිඳම මගෙ හද ඔබ වෙත බැඳුනා

පැන්කේක් එකකින් ඔබ මා හමුවූයේ
tweets වලිනි ඔබ ගැන මා පැවසූයේ
DM වලින් දින දෙක තුන ගතවූයේ
ඔබෙන් අසන්නයි සිත මට පෑවසූයේ

කොහොමද මගෙ ආලය ඔබ හට පවසන්නෙ
ඒගැන සිතමින් තමයි මගෙ සිත ලතවෙන්නෙ
මගේ හැඟුම් වලට සම ගී සොයමින්නෙ
#sajje tweets වලිනුයි මම කියවන්නෙ

දින තුන හතරක් මෙලසින් ගතකෙරුනා
දිනෙන් දිනට මගේ ආලය දෙගුණවුන උනා
ඔබගෙන් ආසන්නම ඔනමයැයි මට සිතුනා
DM එකක් දාලා ask out කෙරුනා

කුමක් කියනුදැයි මම නෑ දන්නෙ
reject කරන්නට නෑ reason දන්නෙ
21 වෙනකම් නෑ මොනවත් අරඹන්නෙ
ඔකේ නංගි බූ මම 21 වෙනකම් ඉන්නෙ

දින ගැණුම ඇරඹුනි
පන්සිය අනූ එක් විනි
ම සිත නැත තැවුනි
දිනෙන් දින ටුවිට් කෙරුණි

කලින් කල ගතවුනා
දින තවත් තිබුනා
ඇගේ ආලයත් දැනුනා
එලසෙ ඇ මා සමඟ බැඳුනා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *