Site Overlay

HND Trip to Lenabatuwa

ට්‍රිප් එකක් යන්න හැමෝගෙම ආසාව තිබුනත් කොහේ යන්නද මොකක් කරන්නද
කියල කාගෙවත් ළඟ idea එකක් තිබුනෙ නෑ. එත් මෙතයි නදීෂ් අයියයි
නිකං ඉන්න ගමන් පොඩි ගමනක් යන්න plan කොරල තිබුනා. ‍එත් මේක
යන්න හිටියෙ මීට සති දෙකකට විතර කලින් එක එක scene නිසා වැ‍ඩේ මඟ
ඇරනා. තව පොඩ්ඩෙන් එදා යන්න වෙන්නෙත් නෑ සනෝජා අක්කා ආවෙ
නැත්නම්. වැඩි කතා වැඩක් නෑ.

අපි එදා උදේ පාන්දර 8 ට්‍රිප් එක යං කියල සෙට් වෙලා හිටියෙ. දමිත් සර් කිවුවා
මට යසාරා අක්කලයි ගෙදර ළඟ පාරට එන්නෙයි කියල සර් ආවා සයුරි අක්කත්
එක්ක 8.10ට විතර එතනට. අපිව දාගෙන වෑන් එකෙන් ගියේ ශාන්ව ගන්න
Esoft එක ළඟට. අඹසෙවනින් පාන් ගන්න හිටියෙ. මළ කෙලියයි
අඹසෙවන වහලා. එතකොට මෙතා බයික් එකකින් එනවා ‍horn කරගෙන.
දමිත් සර් ඌට ආතල් එකක් දෙන්න ඕනි කියල හයියෙන් ගියා. 😀 කොහොම
හරි ඌට කිව්වා පාන් අරන් අසිත් සර්ලයි ගෙදරට එන්න කියල අපි අසිත් සර්ව
ගන්න ගියා. අසිත් සර්ලයි ගෙදරට මිනිහා ගිහින් නෑ. අපි අසිත් සර්ව අරන්
ගියේ දමිත් සර්ගෙ මහ ගෙදරට තුසිත් අයියාව ගන්න. තුසිත් අයියාත් දාගෙන අපි
ගියේ සනෝජා අක්කයි එයාගෙ (විනාඩි ‍6කට )අක්කා සුනේජා අක්කයි,
අශාන්වයි ගන්න. ඊට පස්සෙ ලක්මව ගන්න සද්ධාතිස්ස මාවතෙන් ගියා.
එතකොට මෙතා call කරල කිවුවා “DSI එක ගාවින් මාව ගන්න කියල”
එතනින් ඌවත් අරන් අපි ගියා අපේ ගමන. තව නගින්න ඉන්නෙ නුවන්
අයියයි. [Mr. Murphy(එහෙම කියන්නෙ මිනිහා යන යන තැන අවුල්
නිසා. ඒත් එළ කොල්ලෙක් ඕන වැඩක් කරන්න පුළුවන් ;))] නදීෂ්
අයියයි. නදීෂ් අයියා ඒ වෙනකොට 15සැරයක් විතර දමිත් සර්ට කෝල් කරල
තිබුනා මිනිහට ඉවසන්න බැරිව‍. 😀


තිහගොඩින් නුවන් අයියවත් දා ගත්තා‍. අපි හැමෝම casual ඇඳගෙන
ආවට මිනිහා gentleman වගේ ඇඳන් ඇවිත් තිබුනෙ. එක පාරටම දමිත්
සර් කෑගහන්න ගත්තා. “මළ කෙලියයි!” කට්ටිය ඔක්කොම බැලුවා මොකද
කියල. “කැමරෙක දාලා ඇවිත්” සර් හිටියේ මාර දුකෙන්. 🙁 සයුරි
අක්කට එක එක ඒවා මතක් කලේ නෑ කියල 😀 දුකට වෙන්න ඇති. ඊට
පස්සෙ නදීෂ් කාරයවත් දාගෙන ඊ‍ට පස්සෙ ගියා මෙතාගෙ පොට් එකට.

යන‍කොට නම් තුං පනේ යනවා වගේ, අපි මෙතාට විහිළු කර කර ගියේ නදීෂ්
අයියා එක්කන් ගියාට වඩා තැනකට එක්කන් යනවා කියලා. xD ඒත් ගියාට
පස්සෙ පිස්සු හැදුනා. අපි තඩි ගේට්ටුවෙන් ඇතුල් උනා. සුද්දයි මෙතාගේ
අක්කයි හිටියයි. Place එක පට්ට ලස්සනයි. සාහිත්‍ය භාෂාවෙන්
කිවුවොත්,

“කඳු මුදනක සේ සාමාන්‍ය පොළව මට්ටමෙන් මඳක් ඉහලින් ඇති නි‍‍වස වටා
සුන්දර වැව් තීරයක් දක්නට ලැබේ. නෙත් සිත් වශී කරනා දර්ශනයක් වන
අතර. වැවේ මැද මනරම් දූපතකි. එමෙන්ම ගතට දැනෙනා පවන සිත් පහන්
කරයි. නිවෙසේ වට පිටාවද කොළ පැහැයෙන් හා නාන තටාකයේ නීල
පැහැයෙන් යුක්ත වීම නෙත් වශී කරන්නට සමත්ය. එමෙන්ම නේක වර්ණ මල්
ගස් සහ වෙනත් විසිතුරු නිර්මාණයන්ගෙන් ද යුක්තය.”

සාහිත්‍ය කතා ඇති නේ.:P කියවන්න කම්මැලි ඇති :/ තේරෙන බාසාවෙන්
කිවුවොත් ගෙදර හදල තියෙන්නෙ කන්දක වගේ, වටේට වැව, ඈත දූපත්
වගේ පේනවා. තට්ටු දෙකේ සුපිරිම සුපිරි ගෙයක්. ගෙයක් කිවුවට ‍hotel
එකක් වගේ. සුද්දෙක්ගෙනේ… මැන්ස් architecher කෙනෙක්ලු.
ගෙදරට යන්න තියෙන්නෙ පල්ලෙහාට වගේ. ගෙදර මුලින් පෙන්නෙ තනි
තට්ටුවෙ ගෙයක් වගේ. ගේට්ටුවෙන් ඇතුල් වුන ග‍මන්. Pool එකයි.
තව එක එක item ගොඩක් තිබුනා. පරණ යකඩ කෑලි ව‍ලින් එක එක
සත්තුන්ගෙ ලස්සන statues හදල තිබුනා.

අපි අපේ ඔක්කොම බඩු ටික අරගෙන kitchen එකට ගියා.කෑම ටික
එහෙන් තියල වටපිටාවෙ අසිරිය බලන්න ගියා 😉

වැව් ඉවුර පට්ට ලස්සනයි. වටේට එක එක ජාතියේ කැලෑ ගස් වැවිල. දං
,බෝවිටියා, කුරුඳු, etc. ගැමි සුන්දරත්වයක් තියෙන්නෙ. වටේ
ඇවිදල කට්ටිය දං කඩාගෙන කෑවා. මං බෝවිටියත් කෑවා. කට දම් පාටයි.

Shan and Metha eat දං

ලක්මයි සුනේජා අක්කයි batminton ගහනවා. ඊට පස්සෙ මායි ලක්මයි
batminton ගහන්න ගත්තා ඒත් හුළඟ නිසා ගහන්න උනේ නෑ.

Sano akki

සනෝජා අක්කා එයාගේ ඩඩා එවපු DSLR camera එක වටේ කර කව කව
photos ගහනවා. තුසිත් අයියලා ශාන්ලා කට්ටිය කැරම් ගහනවා. දමිත්
සර් Mr. Simon එක්ක chess ඇද්දා. නදීෂ් අයියා සෑහෙන අපහසු තාවයට පත් උනා සයිමන් අයියා එක්ක චෙස් ඇදලා  😀

Nadeesh aiya fed up with chess 😉

නුවන් අයියලා මෙතාලා ඕමි
ගැහුවා. සෑහෙන වෙලාවක් කට්ටිය එක එක සෙල්ලම් කරා. ඒ අස්සේ අශාන්ගෙ කෙන්ඩ පෙරළිලා සෑහෙන්න දුක් වින්ද ඌ.

අශාන්ගෙ කෙන්ඩ පෙරළිලා

යසාරා අක්කත්
සනෝජා අක්කගෙ model වගේ photos වලට පෙනී සිටිනවා. 😛
තව එක එක සෙල්ලම්. සයුරි අක්ක නම් ටිකක් තනියෙන් වගේ හිටියෙ. ඒත්
ටිකක් වෙලා යනකොට එක එක වැඩ වලට සෙට් උනා 🙂 සයුරි අක්කා ගෙනාපු
chicken ටික සීසන් කරා. වැඩිපුරම කට්ටිය කරේ photos වලට මූන
දාගන්න මොකක් හරි විකාරයක් කරපු එක තමයි.

ටිකක් වෙලා යනකොට කට්ටියට බඩගිනියි. යසාරා අක්කගෙ පරිප්පුවයි, අපේ
අම්මා & සනෝජා අක්කා හදපු සීනී සම්බල් එක්ක උදේ ගත්ත පාන් කන්න
හැදුවා. මෙතායි මායි ගිහින් පිඟානකට පරිප්පු ටිකක් දාගෙන පාන් පෙති දෙකක්
විතර කෑවා kitchen එකේ ඉඳලම. පරිප්පුව පට්ට රහයි. යසාරා අක්‍කගෙ පරිප්පුව උනාට මෙතා හරි ආසාවෙන් පරිප්පුයි පානුයි කෑවා. lol

හොරාට පාන් කෑම xD

ඊට පස්සෙ අපි plates දෙකකට පරිප්පුයි, සීනි සම්බලුයි දාලා පාන් ටිකත්
එක්ක දුන්න කට්ටියට. දමිත් සර්, අසිත් සර් & හැමෝම පරිප්පුවට වශී
වෙලා. ඒ තරමට පට්ට රසයි. යසාරා අක්ක කියනවා එයාලු හැදුවෙ. ඉතින්
යසාරා අක්කගෙ පරිප්පුවෙ ගුණ වර්ණනා කර කර කට්ටි පාන්‍ කෑවා.

PnS Breads 🙂

ටිකක් වෙලා ගියාම යසාරා අක්කා කියනවා “මං පොල් ගෑවා විතරයි” කියල.
ඒත් “යසාරා සහ පරිප්පු” දවස‍ ති‍ස්සෙම කතාකරන මාතෘකාක් උනා.

ඊට පස්සෙ ඔක්කොම කට්ටිය ගියා වැව ළඟට පොඩි boat එකක් තිබුනා.
නදීෂ් අයියා ගියපු ගමන් ඒකේ නැග්ගා. මෙතා කිවුවා පොඩ්ඩක් හිටහං කියල
හබල් 2 අරන් එනකම් කියල. හබල් දෙකත් ගෙනැල්ලා අපි ඒකෙන් වැවේ
යන්න හැදුවෙ. මෙතා කිවුවා මං බර නැති නිසා නඟින්න කියල. මං මැදින්
වාඩි උනා. දෙපැත්තෙන් නදීෂ් අයියායි, මෙත් අයියායි වාඩි වෙලා හබල් දෙක
අතට ගත්තා. මෙතා කිවුවා කලබල වෙන්න‍ එපා. ඒ උනාට නදීෂ් අයියා
ආතල් එකට වගේ හෙල්ලෙනවා බොරුවට. මං ඇත්තටම බය උනා නදීෂ්
අයියත් එක්ක ගිය නිසා. මොකද මේකා මර්ෆියා නේ. 😀

Nadeesh aiya, me and metha

ඒත් ටිකක් වෙලා ගියාට පස්සෙ හරිගියා. වැව මැදට ගියාම අපේ කට්ටිය චූටියට පෙනුනෙ. ටිකක්
දුර ගිහින් අපි ආවා ආයෙත් හිටපු තැනටම. අන්තිම හරියෙදි නදීෂ් කාරයා
පිස්සුවක් කෙලින්න ගිහින් පෙරළුනා බෝට්ටුව :O ඉවුරෙදි නිසා අවුලක් උනේ
නෑ. ඊට පස්සෙ බෝට්ටුවෙ යන්න ගත්තෙ දමිත් සර්නුයි, අසිත් සර්නුයි
දෙන්නාම පොර වගේ ගත්තට ටිකක් වෙලා යනකම් බය වෙලා හිටියෙ. අසිත්
සර් කොච්චර බය උනාද කිවුවොත් හබල් ගහන්නෙ නැතුව ඉඳල වතුර ගහගෙන
යන පැත්තට බෝට්ටුව ගියා. 😛 ටිකක් වෙලා ගියාම දෙන්නට වැඩේ
තේරු‍නා. ඊට පස්සෙ ගියේ තුසිත් අයියයි අශානුයි. මුං දෙන්නට පට ගාලා
වැඩේ තේරුනා මුං සෑහෙන දුරක් ගියා. ඊට පස්සෙ අනිත් කොල්ලො ඔක්කොම
වගේ ගියා.

Sailors

ඊට පස්සෙ ගොඩට ආවා කට්ටියම කෙල්ලො ටික කැරම් ගැහුවා. අශාන්,
මෙතා, ශාන්, නුවන් අයියා, තුසිත් අයියා අපි සෙට් එක රගර් ගහන්න
ගත්ත.

Playing Rugger 🙂

මීට කලින් මං රගර් ගහලම නෑ. ඒත් ඒකත් interesting…
ටිකක් වෙලා රගර් ගහනකොට කට්ටියට මහන්සියි. ඊට පස්සෙ උඩ තට්ටුවට
ගියා. එතන ඉඳගෙනත් ෆොටෝ ගත්තා. උඩට ඈත ලස්සන හොඳට පේනවා.
උඩ තමයි සයිමන් අන්කල්ගෙ bedroom එක තිබුනෙ. පට්ට ගති ඇඳක්.
තුසිත් අයියා ඒක උඩට පැන්නා මාර පැනිල්ලක්. මෙතා ඒකේ ෆොටෝ එකක්
ගත්තා තුසිත් අයියා නිකං සුපර් මෑන් වගේ.

Super Thusith 😀

ඊට පස්සෙ ශාන්ට රෙස්ලිං ශොට්
එකක් ගහනවා වගේ ෆෝටෝ ගත්තා. ඒ photo ටික නම් මෙතාගෙ අක්කා
දැකල අවුලක් ගියා. 🙁 මේ වෙනකොට දමිත් සර්නුයි නදීශ් අයියයි රයිස්
ගේන්න ටවුන් එකට ගිහින් හිටියෙ. සෑහෙන්න වෙලා ගියා එයාලා එන්න.
“චූටි පුතා”ද මොකක්ද බස් එකක තමයි රයිස් එවලා තියෙන්නෙ ඒවා ගන්න
ගිහින් සර් වෑන් එකත් හප්ප ගත්තලු. කොහොම හරි රයිස් ගෙනාව කියමුකෝ.

එක පාරට pool “ජ‍බොක්” ගාලා සද්දයක් ආවා. මෙතායි තුසිත් අයියයි
පැන්නා ඒකට. උන් දෙන්නා ඒකේ ජල ක්‍රීඩා කරනවා. ඊට පස්සෙ මං කිවුවා
අශාන්ට යමු කියල. ඌයි මායි change එකක් දාගෙන ගියා pool
එකට. මුලින් අශාන් කැමති උනේ නැති උනත් ආවා‍. ඊට පස්සෙ අසිත් සර්නුයි
දමිත් සර්නුයි ආවා පූල් එකට. එතකොට තමයි අර MAN B**s කතාව
පටන් ගත්තෙ. 😛 කොහොමහරි පැය ගානක් අපි නෑවා. සයුරි අක්කත්
ආවා. එයා විතරයි ආවෙ. අනිත් අක්කල ආවෙ නෑ ඒ වෙලාවෙ.

Thusith and Metha

ඊට පස්සෙ කට්ටිය ගියා BBQ එක දාන්න ‍‍බෝට්ටුව තිබුන තැනට. එතන පොඩි
වලක් හාරලා grill එක තියල BBQ දාන්න හිතං හිටියෙ.
charcoals ගෙනැල්ල තිබුනෙ. ඒත් ඒවා පත්තු කරන එක නම් ලේසි
වැඩක් උනේ නෑ. මෙතා starter එක පත්තු කරා.

ඒත් ඒක විතරයි
පත්තු‍ උනේ. ඒක පත්තුවෙන්නත් සෑහෙන වෙලාවක් ගියා. ඊට පස්සෙ භූමි
තෙල් හොයන්න ගිහින් තිනර් බොතල් කාලක් ගෙනාවා. ඒක දාලා පත්තු
කරගත්තත්, තිනර් ටික විතරයි පත්තු උනේ. කොළ කෑලි එහෙම දාලා පත්තු
කරත් charcoa lටික නම් පත්තු උනේම නෑ. ඊට පස්සෙ නදීෂ් අයියා
charcoal පැකට් එකම ඒකට හැළුවා‍. හැමෝටම ඒකට නම් මළ පැන්නා.
ඒත් මුකුත් නොකියා හිටියා. :$ වැඩේ හරියන්නෙ නැති නිසා දමිත් සර් කිවුවා
ගෑස් එකත් ගෙනාපු නිසා අපි kitchen එකෙන් gas ලිප ඉල්ලගෙන
cook කරමු කියලා. මොකද ඒ වෙනකොට කට්ටියට පට්ටම බඩගින්නක්
තිබුනෙ. දමිත් සර්නුයි නදීෂ් අයියයි ගියා kitchen එකට. සයුරි
අක්කයි, සනෝජා අක්කයි ‍එතන ඉඳං ආයෙත් ගිනි අවුලවන්න try කරා.
ඒකට අපි සප් එක දුන්නා. ‍සුනේජා අක්කගෙ කොන්ඩෙ ගිනි ගන්නනවා තව
පොඩ්ඩෙන්. 🙂 එයා දර දානාවා ගින්දරට කොණ්ඩෙත් වනා ගෙන.
කොහොම කොහොම හරි ගිනි අවුලව ගත්තා. පොඩි chicken කෑලි දෙක
තුනක් grill එක උඩ තියල ‍fry කර ගත්තා‍.

BBQ by Sayuri Akka, Sanoja akka and others

මට කිවුවා sousages
පැකට් එකකුත් ‍ගේන්න කියල. මං kitchen එකට යනකොට දමිත් සර්නුයි
නදීෂ් අයියයි බරටම උයනවා. නදීෂ් අයියා මට රයිස් ටිකක් අතට දීලා කිවුවා
හොඳද කියල. මං කෑවා. අවුලක් නෑ. ඊට පස්සෙ දමිත් සර් කිවුවා රයිස් උදේ
හදපුවා නිසා පොඩ්ඩක් පිළුං වෙලා කියල. [Hutaaaa]
නදීෂ් අයියා කිවුවා ඒ උනාට කමක් නෑ කට්ටිය කාවිනේ කියල. ඒත් ඒ
වෙනකොටත් salt නැතිව දාපු BBQ & fried rice සයිමන්
අන්කල්ට දීල තිබුනෙ. මිනිහත් ‍ඔක්කොම කාලා. xD xD
මං ‍සෝසේජස් පැකට් එක ගෙනත් දෙනකොට BBQ එක දාලා. චූටි කැල්ලක්
කෑවා‍, පට්ට රහයි. 🙂

ආයෙත් කට්ටිය කැරම් ගහන්න පටන් ගත්තා. එතකොට යසාරා අක්කා pool
එක දිහා බලාගෙන ආසාවෙන් බලං ඉන්නවා. යසාරා අක්කයි, සනෝජා
අක්කයි, සුනේජා අක්කයි,ලක්මයි ඊට පස්සෙ ගියා pool එකට.
කවුරුවත් අපේ දිහා බලනවා එහෙම නෙවෙයි කියල xD අපි එහෙම කරනවයි?
🙁 ටිකක් වෙලා යනකොට සනෝජා අක්කා මට කිවුවා අපේ photos
ටිකක් ගන්න කියල. මාත් එයාගෙ Nikon camera එක අරගෙන ගිහින්
එක එක තාලෙට photos ගත්තා. ලක්මා නම් photos වලට face
කරන්න කැමති උනේම නෑ. ඒකට යසාරා අක්කා 😀

BBQ by Damith sir

ඊට පස්සෙ අපි හැමෝටම වගේ මහන්සියි & බඩගිනියි. හදාගතිපු BBQ
chicken & sousages ‍bowl එකකට දාලා ගෙනාවා. එතකොට
අපි 3දෙනා (තුසිත් අයියා, මෙත් අයියා & me) සිංදු කිය කිය හිටියෙ.
තුසිත් අයියා නි‍යමෙට guitar එක play කරා. මෙතායි මායි සින්දු
කිවුවා. ඒත් මං කියනවට නම් කට්ටිය කැමති උනාද මන්දා. බල්ලො
උඩුබුරලනවා වගේ නේ. :'(

ඉතින් අපි චිකන් & සොසේජස් විතරක් කෑවා lunch එකට. මොකද රයිස්
කන්න විදියක් නෑනෙ පිළුං වෙලානේ. කකා සිංදු කිවු‍වා. පෙප්සි බිවුවා.
[Ohhh YES Abhiii :)]

Oh YES ABHI…

නදීෂ් කාරයා සිංදු කියන ඒවට හිටියෙ
නෑ. මිනිහා ගියා සයිමන් අංකල් එක්ක චැට් එකක් දාන්න. කොහෙද යන්නෙ
කිවුවාම කිවුවා match එකක් බලන්න කියල. කවුරු හරි ඇහුවා මොන මැච්
එකක්ද මේ වෙලාවට කියල. “ඒ මැච් නෙවෙයි. මේ කාර් මැච් එකක්”
කියල නදීෂ් අයියා කිවුවා. ඒකෙන් මිනිහා සෑහෙන්න බයිට් උනා. 😀

All are singing…

අපි සෑහෙන්න සිංදු කිවුවා. අපි කිවුවට මායි, මෙතායි තමයි වැඩි හරියක්,
දමිත් සර්, අසිත් සර් වගේම අනිත් අය සප් එක දුන්නා කියන්න. ඒත් අශාන්
නම් කටක් හෙල්ලුවෙවත් නෑ. ලක්මත් එහෙමයි.

ඊට පස්සෙ අපි එන්න ready උනා. ඒත් ඊට කලින් අපි ගියපු set එකේ
group photos ගත්තා. දමිත් සර් දවස තිස්සෙම සෑහෙන දුකෙන් හිටියෙ
එයාගෙ canon camera එක ගේන්න බැරි උන එකට. අපි Simon
uncle and Metha’s akka තියලත් ෆොටෝ ගත්තා 😉

All of us

අපි
එන්න කලින් එයාලගෙ kitchen එකත් පිළිවෙලට අස්කරලා ආවේ. අපි
කිවුවාට ස්ත්‍රී පාර්ශවයි. 🙂

හවස 6ට විතර එහෙන් ආවා Simon අන්කල්ලට Thanks කරලා.
ඇත්තටම එදා මාර fun එකක් ගත්තෙ‍. ‍ඒත් එදා දන්සල් තිබුන නිසා ටිකක්
traffic. ඉස්සෙල්ලම නදීෂ් අයියව බැස්සුවා. ඊට පස්සෙ නුවන්
අයියාව.එයා බහින්න කලින් එයාව හොඳට බයිට් කර කර ආවේ.:D ඊට
පස්සෙ ට්‍රැෆික් එක ටිකක් අඩු උනා. දමිත් සර් සතුට වැඩි කමට වෑන් එකේ
speed එක වැඩි කරගෙන යනගමන් කිවුවා FINALYY… කියල. ඒත්
කියන්න උනේ නෑ. තඩි bumper එකක් උඩින් ගියා. කට්ටිය අඩි 2ක්
3ක් උඩ වීසි උනා. එනගමනුත් කට්ටිය සිංදු කිය කිය ආවේ. ඒත් ඔක්කොම
වගේ ආතල් සිංදු. ආතල් සිංදු ලලලලා එකට ආවා. teek teek….
xD

ඊට පස්සෙ කොල්ලො ටික teek කතා කියන්න ගත්තා‍. hahaha.
එතකොට තමයි දරුණුම  traffic එකට අහු උනේ. තිබුන fun එක
ඔක්කොම ගියා. හක්මන – මාතර පාරේ මාතර ඉඳන් හක්මන පැත්තට යන උං
පාර block කරගෙන. දමිත් සර්ට මළ පැනල. අශාන්ටත් එහෙමයි. එක
එක ඒවා කියල driversලට බැන බැන හිටියා. අපිට පිනිදිය ශෙඩ් එක ළඟ
ඉඳන් ගබඩා වීදියට එන්න පැය 2කට වැඩිය ගියා. දාඩිය දාලා හැමෝම
හෙම්බත් වෙලා හිටියෙ. හැමෝටම මහන්සියි. ඒ වෙලාවෙ දන්සල් දෙක
3කින් බීම හම්බුනා. ඒවා වෙලාවෙ හැටියට අමුර්තෙ වගේ 😉

කොහොම හරි අපි traffic එකේම ගිහින් කට්ටිය බැස්සුවා. අශාන්ව,
සනෝජා,සුනේජා අක්කලාව, ලක්මව දාලා ගියා තුසිත් අයියලයි ගෙදර.
එහෙන් අසිත් සර් බැස්සා‍. අසිත් සර් තුසිත් අයියගෙ බයික් ‍එකේ ගෙදර ගියා.
වෑන්‍ එකට දමිත් සර්ගෙ relationsලා ව‍ගයක් නැග්ගා. ඊට පස්සෙ ගියෙ
මෙතාව දාන්න. මෙතා එක්ක ශාන්නුත් බැස්සා. උන් දෙන්නා එදා රෑ rest
house එකේ ඉන්නවා කිවුවා. උන්දෙන්ව town එකින් දැම්මා. ඊට
පස්සෙ ආයෙත් traffic එකට අහු උනා.
Then අපි ගියේ දමිත් සර්ගෙ අර realationගෙ ගෙදර. එයාලව &
වෑන් එක දාලා අපි ආවා දමිත් සර්ගෙ jeep එ‍කේ. ඊට පස්සෙ ආයෙත් තුසිත්
අයියලයි ගෙදරින් එයාව දාලා අපි ආවා. වෙලාව 12 විතර වෙලා. මායි
යසාරා අක්කයි ගෙදර එනකොට 12.30 පහු උනා. යසාරා අක්කලයි තාත්තා
එක්ක දමිත් සර් කතා කරපු නිසා අවුලක් උනේ නැ. මං ගෙදර යනකොට ගෙදර
මිනිස්සු නිදි. මං wash එකක් දාගෙන නිදා ගත්තා!

Metha’s Status: Summary
8.30
shan:koheda o ine?
CBR
Paan nah hutah !
Paan gatta !
metha methaa
Camera eka daala awit
nadeesh paradai
pattai oi
ubema akkada ?
boat ride
WE ARE SAILORS !
hoo hoo
Parippu patta !
chut putha
badaginee
pool
six packs coming soon
ocean girl
man bo**s
BBQ
Fire starter
“akke konde gini ganiwi”
“I dont like dan”
Thinner
Gini dewathawiyo (Sayuri akka and Sanoja !)
hureeh BBQ
SAm’s
Damith sir the cheff
Music+BBQ+Pepsi OH Yes Abhi
Duet 
Car match    
Yaman neh
teek katha
kadala oneda ?
Traffc
Kollo beema ekak bomu
Shan: thaththe terum ganna enna
Rest House

Best of all

Me, Nuwan aiya and Meth aiya

Nuwan, Shaan, Sano, Me, Yas, Lak, Sune

Crazies of us 😛
HND 005
HND 006
Yasara akki and Sanoja akki
BBQ and Fried Rice
Damith aiya sir and Sayuri akka
Singing Singing…
Azith sir
Thusith bro
නිදහසේ ඉන්න දෙන්නෙ නෑනේ (:
HND Girls
HND boyszz
So close 😀
Metha and shan climbing a big mountain …
Nadeesh and Mr. Simon
Thusith aiya, Damith sir and Azith sir are playing carrom
Ohh Metha’s killing me

ට්‍රිප් එක ගිහිල්ලත් සති දෙකක් වෙනවා. වෙලාවක් උනේ නෑ බ්ලෝග් පෝස්ට් එකක් දාන්න.
ඒත් මතකින් ලිව්වා. වැරදි දෙයක් ලියල තිබුන නම් සොරි වෙන්න ඕනේ… ආයෙත් මේ වගේ ට්‍රිප් එකක් යන්න සෙට් වේවා! එහෙනම් අපි කැපුනා. දොයි මතයි. 4ටත් කිට්ටුයි.!

Spread the love

9 thoughts on “HND Trip to Lenabatuwa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *