ගැලරියේ ගාලු සංචාරය – 2014

“හුටා! හෙට උදෙන් ම නැගින්නත් ඕන නේ“ යැයි සිතමින් මා පෙර දින යහනට පැන්නත් මට නම් නිදි දෙව්දුව ගෙන් කිසිදු ආයචනය තිබුනේ නැත. හෙට දින උදාවවන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. කෙසේ හෝ මට නින්ද ගොස් තිබිනි. රමීෂා සහ සනෝ අක්කලාගේ දුරකතන ඇමතුම් සමඟ පිබිදුන මා 5.45ට පමණ මාතර  දුම්රිය ස්ථානයට ළඟා වීමි. රුහුණු කුමාරි දුම්රියෙන් අපි ගාල්ලෙන් බසිනවිට වෙලාව 7ට ආසන්න වී තිබින. චතුරුකත් අප සමඟ සිටි බැවින් අප කතා කරගත් පරිදි The Art Galleryයෙහි අනෙක් සාමාජිකයන් සිටින ගාල්ලේ උසාවිය ළඟට ගියේ Google Maps වල අධාරයෙනි. Continue reading

වල්

සිත් තුළ මතුවෙන වදන් පෙළ බ්ලොගයට ඔබා ගන්නවාදැයි නැද්දැයි පිළිබඳ සිතුවිලි වල සටනක් පසුදින රාත්‍රීයේ සිට තිබින. කෙසේ වුවත් අවසානයේ එය බ්ලොගයේ කෙටීමට මා තීරණය කළෙමි. Continue reading

HND Trip to Lenabatuwa

ට්‍රිප් එකක් යන්න හැමෝගෙම ආසාව තිබුනත් කොහේ යන්නද මොකක් කරන්නද
කියල කාගෙවත් ළඟ idea එකක් තිබුනෙ නෑ. එත් මෙතයි නදීෂ් අයියයි
නිකං ඉන්න ගමන් පොඩි ගමනක් යන්න plan කොරල තිබුනා. ‍එත් මේක
යන්න හිටියෙ මීට සති දෙකකට විතර කලින් එක එක scene නිසා වැ‍ඩේ මඟ
ඇරනා. තව පොඩ්ඩෙන් එදා යන්න වෙන්නෙත් නෑ සනෝජා අක්කා ආවෙ
නැත්නම්. වැඩි කතා වැඩක් නෑ.

අපි එදා උදේ පාන්දර 8 ට්‍රිප් එක යං කියල සෙට් වෙලා හිටියෙ. දමිත් සර් කිවුවා
මට යසාරා අක්කලයි ගෙදර ළඟ පාරට එන්නෙයි කියල සර් ආවා සයුරි අක්කත්
එක්ක 8.10ට විතර එතනට. අපිව දාගෙන වෑන් එකෙන් ගියේ ශාන්ව ගන්න
Esoft එක ළඟට. අඹසෙවනින් පාන් ගන්න හිටියෙ. මළ කෙලියයි
අඹසෙවන වහලා. එතකොට මෙතා බයික් එකකින් එනවා ‍horn කරගෙන.
දමිත් සර් ඌට ආතල් එකක් දෙන්න ඕනි කියල හයියෙන් ගියා. 😀 Continue reading

maxxa fun of චාටර් sports day

අපේ sports day එක ගැන ලියන්න හිතුනත්, එක එක වැඩ නිසා ඒක ගැන ලියන්න බැරි උනා. ඒත් ඊයෙ ගාල්ලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳන් ලියන්නමයි හිතුනෙ. hikz 😛

sports day එක නම් ඇත්තටම මෙලෝ රහක් නෑ. ගාල්ලෙ උං ආගන්තුක සත්කාර දන්නෙම නෑ. ඒත් ලස්සනට කරල තිබුනා. ‍නරක වගේම හොඳත් කියන්න එපැයි, 😉 ගොඩක් මහන්සි වෙලා තිබුනා decorations වලට. ඒත් අපිට ගහල තිබුන hut එකට අව්වයි B-) Continue reading

Get Together fun!

A/L ඉවර වෙලා results එන්නත් කලින් අපි හිතුවා get together එකක් කරන්න. මොකද අපේ කොල්ලො දැනටත් එක එක තැන්වල. එකතු කරගන්න හරි අමාරුයි. section එකේ හාරසිය ගානක් හිටියා. ඒත් අවේ 200ක් විතර. හ්ම්… get together එකත් නියමෙට කෙරුනා.  ටිකට් Rs. 500 උනාට 1000ක විතර දේවල් කලා. ඇන්ඩ්‍රි අයියගේ DJ එක නියමෙට නැගල ගියා. Continue reading

MCQ Expert

අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ මාතර රාහුල විද්‍යාලයෙ, අපි ලොකු එක්සිබිෂන් එකක් කරා. “විද්‍යාභිමාණී – 2012” කියලා.ඒක දවස් හතරක් තිබුන විද්‍යා ප්‍රදර්ශනයක් ! දකුණු පළාතේ maths, bio කරන ඉස්කෝලවල ළමයි ගොඩක් ඇවිත් හිටියා. මේකෙ bio, chemistry, physics, maths කියන හැම එකෙන්ම ප්‍රදර්ශන කුටි තිබුනා.

ඉතින් මේකට අනිවාර්යයෙන් හැමෝම මොකක් හරි practical එකක් ඉදිරිපත් කරන්න ඕන. මම නම් ඉතින් මොනවත් කරන්න හිටියෙ නෑ, මම විද්‍යා සංගමේ සාමාජිකයෙක් නිසා. ඒත් නිකං මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවක හිතුනා මොනවහරි කරා නම් හොඳයි කියල. Continue reading

ඔන්ලයින් චිත්‍ර ඇදීම

FlockDraw

ඔන්ලයින් ක්‍රමේට චිත්‍ර අදින්න පුළුවන් අන්තර්ජාල සේවාවක් තමයි ‍ෆ්ලොක් ‍ඩ්‍රෝ FlockDraw(FlockDraw) කියන්නෙ. මේ වෙබ් අඩවියට ලොග් වෙලා චිත්‍ර අදින්න පුළුවන් ඒ වගේ තමයි ඒ නිර්මාණය ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට වැරදි නිවැරදි කරලා ලස්සනට චිත්‍රය ඉවරකරන්න පුළුවන්. මේක වෙන්නෙ සෝෂල් නෙට්වර්කිං ක්‍රමයට නිසා ‍ෆේසි බුකියෙ ඉන්න යාළුවො කිහිප‍ දෙනෙකුට එකම චිත්‍රයක් අදින්න හැකියාව තියනවා.

මේ වගේ ම තව වෙබ් සේවාවක් තියනවා Pixlr (pixlr.com)කියලා, pixlr
ඒක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆොටෝ ෂොප් වගේ තමයි. මේක පින්තූර edit කරන්නත් පුළුවන්.

editing a pictureමේකෙ තියන ටූල්ස් වලින් ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් වෙනවා. අපි ෆොටෝෂොප් වලින් නම් පින්තූරයක් හදලා ෆේස්බුකියට දාන්න නම් අප්ලෝඩ් කරන්න ඕන නේ මේක ඒවගේ නෙවෙයි එවලෙම ඒක ‍ෆේස්බුක් එකත් එක්ක බෙදා හදාගන්න පුළුවන්. මේ වෙබ් සේවාවට pixlr.com/editor හරහා සම්බන්ධ වෙන්න හැකියාව තියනවා.

සුබ උපන්දියක් ට්විටර්!!!

ට්වටර් වෙබ් අඩවිය සිය පස්වෙනි උපන් දිනය සමරයි

අපි කවුරුත් දන්න “ට්විටර්“ වෙබ් අඩවිය මේ සතියෙ ට්වර්ගෙ පස්වෙනි උපන් දිනය සමරනවා ඒ කියනනෙ 2006 ජුලි 14 වෙනිදා පටන් ආරම්භ කරපු මේ වෙබ් අඩවිය සිය පස්වෙනි සංවත්සරය සමරනවා.
අන්තර්ජාලයේ ඇති සමාජවෙබ් අඩවි අතුරින් ට්විටර් වෙබ් අඩවියට මේ අවුරුදු පහ ඇතුළත ප්‍රමඛස්ථාකයක් ගන්න පුළුවන් වෙලා තියනවා. මේ පස් අවුරුද්ද වෙනකොට ට්විටර් සාමාජිකයන්මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ට්විටර් හා බැඳී තම අදහස් බෙදා ගන්නවා. ඒ වගේම තමයි දවසකට ට්විටර් ගිනුම් 600,000ක් පමණ අන්තර් ජාලයට එක්වෙනවා.
ට්විටර් බොහෝ අය හඳුන්වන්නෙ අන්තර්ජාලයේ කෙටි පණිවුඩ සේවාව කියලා. ඒ තරමට ට්විටර් වෙබ් අඩවිය හරහා තමන්ගෙ අදහස් තම මිතුරු මිතුරියන් සමඟම බෙදා ගැනීම දැන් පරම්පරාවේ විලාසිතාවක් බවට පත්වෙලයි තියෙන්නෙ. මේ ට්විටර් වෙබ් අඩවිය ලොව සුපිරි තරු තම රසිකයන් හට තමන්ගෙ අළුත්ම තොරතුරු ලබා දීමේ උපාය මාර්ගයක් කොට ගෙන තියෙනවා. අපි හැමෝම දන්න විදියට තම සගයන්ට තම එදිනෙදා තොරතුරු, අදහස් වැනිදෑ ට්වීට් කරනවා. තව අවුරුදු කිහිපයක් යත්ම ලොව ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ට්විටර්හි සමාජිකයන් වේවි…