Site Overlay

සුබ උපන්දියක් ට්විටර්!!!

ට්වටර් වෙබ් අඩවිය සිය පස්වෙනි උපන් දිනය සමරයි
අපි කවුරුත් දන්න “ට්විටර්“ වෙබ් අඩවිය මේ සතියෙ ට්වර්ගෙ පස්වෙනි උපන් දිනය සමරනවා ඒ කියනනෙ 2006 ජුලි 14 වෙනිදා පටන් ආරම්භ කරපු මේ වෙබ් අඩවිය සිය පස්වෙනි සංවත්සරය සමරනවා.
අන්තර්ජාලයේ ඇති සමාජවෙබ් අඩවි අතුරින් ට්විටර් වෙබ් අඩවියට මේ අවුරුදු පහ ඇතුළත ප්‍රමඛස්ථාකයක් ගන්න පුළුවන් වෙලා තියනවා. මේ පස් අවුරුද්ද වෙනකොට ට්විටර් සාමාජිකයන්මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ට්විටර් හා බැඳී තම අදහස් බෙදා ගන්නවා. ඒ වගේම තමයි දවසකට ට්විටර් ගිනුම් 600,000ක් පමණ අන්තර් ජාලයට එක්වෙනවා.
ට්විටර් බොහෝ අය හඳුන්වන්නෙ අන්තර්ජාලයේ කෙටි පණිවුඩ සේවාව කියලා. ඒ තරමට ට්විටර් වෙබ් අඩවිය හරහා තමන්ගෙ අදහස් තම මිතුරු මිතුරියන් සමඟම බෙදා ගැනීම දැන් පරම්පරාවේ විලාසිතාවක් බවට පත්වෙලයි තියෙන්නෙ. මේ ට්විටර් වෙබ් අඩවිය ලොව සුපිරි තරු තම රසිකයන් හට තමන්ගෙ අළුත්ම තොරතුරු ලබා දීමේ උපාය මාර්ගයක් කොට ගෙන තියෙනවා. අපි හැමෝම දන්න විදියට තම සගයන්ට තම එදිනෙදා තොරතුරු, අදහස් වැනිදෑ ට්වීට් කරනවා. තව අවුරුදු කිහිපයක් යත්ම ලොව ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ට්විටර්හි සමාජිකයන් වේවි…

Spread the love

0 thoughts on “සුබ උපන්දියක් ට්විටර්!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *