Site Overlay

Get Together fun!

A/L ඉවර වෙලා results එන්නත් කලින් අපි හිතුවා get together එකක් කරන්න. මොකද අපේ කොල්ලො දැනටත් එක එක තැන්වල. එකතු කරගන්න හරි අමාරුයි. section එකේ හාරසිය ගානක් හිටියා. ඒත් අවේ 200ක් විතර. හ්ම්… get together එකත් නියමෙට කෙරුනා.  ටිකට් Rs. 500 උනාට 1000ක විතර දේවල් කලා. ඇන්ඩ්‍රි අයියගේ DJ එක නියමෙට නැගල ගියා.

වැඩේ කියන්නෙ අපි dress code එක විදියට සරමයි ෂර්ට් එකයි දැම්මෙ. මේකට ගොඩක් අය මුළින් විරුද්ධ උනා. ඒත් අපේ සෙට් එක ඒකට කොහොමහරි හැමෝම කැමති කරගත්තා. ඒත් 10%ක් විතර උන් කලිසම් ඇඳන් ආවා. ඒත් ගොඩක් අය සරම් ඇඳන් ඉන්නවා දැක්කම උන්ට ටිකක් දුක හිතෙන්න ඇති නොකිවුවට.

අපි මේක නි‍යමෙට කරා. හිතුව‍ටත් වඩා හොඳට. පණ්ඩුකයා හැමදේම පටලගත්තට වැඩේ නම් අවුල් උන් නෑ.  අද වෙනකොට හැමෝම photos upload කරල.

මමත් ආපු හැමෝත් එක්කම වගේ photos ගත්ත. ආයෙ ඉතින් කවද ගන්නද? 😉 ඒත් කීප දෙනෙක් miss උනා. 🙁

අශේන්ගෙයි නදුන්ගෙයි animation එකට උන දේ තමයි දුක. අපේ අයියලා  projector එක ඉස්සරහ කාටූන් පෙන්නන්න ගත්තනේ. පවු අෆ්‍ෆා උන්ගෙ මහන්සිය.

දෙනගමයත් වැඩ ටික කලා. ඒත් ඒ යකා අපි සෙට් උන තැන් වලට ආවෙම නෑ. අන්තිම මොහොතෙ තමයි.

අපි ඉතින් සෙට් වෙනවා කියල කලේ photo ගහ ගහ කාලය ගත කරපු එක. නැත්තනම් මොකක් හරි බයිලයක් කිය කිය හිනා වෙවී හිටියා. 😀 හැමෝගෙම පස්ස රත් උනේ දවසක් දෙකක් තියල තමයි.

තිලිණලයි ගෙදර ඉඳන් අකුරු කප කප. තිලිණයි මලිතයයි. කියපු හැමදේම කලා. පවු හැබැයි මලිත් කොටාටයි, දෙනගමයටයි chicken කෑල්ලක්වත් අන්තිමට කනකොට තිබිල නෑ.

හැමදේම හොඳින් කෙරුනා. අභිරූපන රංගන event එකේ සජ්ජා‍ඩ්ගෙ act එක මරු. ලක්ෂාන් කාරයාගේ ගොං ඩාන්ස් එකෙන් පාටියෙ ආතල් එක වැඩි උනා.

හැමෝම වෙනසක් කරන්න උත්සහ කරල තිබුනා. එක එක විකාර ඇඳුම්. නියමයි ඉතින්.

බයියලයි සින්දු ටිකත් ෆට්ට. ඉසුරුගෙ සිවුරුවන් පාර නියමයි.

මේ වැඩ ටික කරල අන්තිම පණ්ඩුකයා හිතං හිටියෙ S3 එකක් ගන්න. පවු ඌට අතිනුත් 1000කට කෙල විලා. අනිත් එකා මලිත් කොටා. ඌත් අතින් කයිට් කරගත්තා.

සරමට ගොඩක් අය කැමති වෙච්ච එකට අපිට ගොඩක් සතුටුයි. අ‍ශේන්ගෙ  photos ටිකෙන් ඒකට ගැම්මක් ආවා. ගැම්මක් විතරක් නෙවෙයි ඌට මරණ තර්ජනත්! 😛

අපි සෙට් එක (පණ්ඩුක, පණ්කජ, ටිනුර, නදුන්, අශේන්, චානුක, මලිත්, තිලින, දෙනගම & me )එකතු වෙලා කරපු නිසා කරා. මේකට සෑහෙන කට්ටිය උදවු කලා. ‍භෞතිකව නැතත් චචනෙන්, බුකියෙන්, එක එක විදියට. ඒ හැමෝටම තෑන්ක්ස්.

අපි organizing committee එක කියල අපිටත් ticket ගන්න වෙච්ච එක තමා දුක :'(

Spread the love

1 thought on “Get Together fun!

  1. Mekema Liyala thiyenawa ban godak aya saramata wirudda una kiyala. Umbala thatamala thatamala campaign hitan adala, kollonwa balen sarama andinna yedewwa. Api sarama ande naththe kamathi NATHI nisa. Get Together ekata kollekuta kamathi andumak andan enna thiyeddi umbala hamotama saramak patalanna haduwa. Methana Umbalata wirudda wenna apita thibuna ekama hethuwa ape kamaththata epita ape nidahas adahas walata ida nodeema. Umbala Dangalala dangalala wadihariya kalisam andewwata Get ekata Kalisam andagena minissu awa. Thamange nidahasa baya nathuwa pawichchi karapu unta mage aacharaya. Mata duka sarama andinna bariwechcha eka gana nemei, umbala nisa akamaththen saram andan apu un gana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *