
එදිනෙදා වැඩ වලට FriMi භාවිතාකරන කෙනෙක් හැටියට මට තිබුන ලොකුම අවුල තමයි, FriMi එකේ Online Banking පහසුකමක් නැති එක. මොකද මං phone එකට වඩා use කරන්න කැමති laptop එක. ඒත් App එකෙන්ම ඔක්කොම වැඩ ටික කරගත්ත නිසා ඒක එච්චර ඕනකමක් උනේ නෑ. හැබැයි මේ දවස් ටිකේ මගේ phone එක කැඩිල තියෙන හින්දා payments වගයක් කරන්න ගිහින් එපා උනා.
ඉතින් මං හෙව්වා FriMi website එකේ Online Banking තියද කියලා. ඒත් මට හොයාගන්න බැරි උනා. එහෙම එකක් තිබ්බා නම් ලේසයි නේද කියල FriMi web chat එකෙන් මං suggestion එකක් දුන්නා.
Chat එකේ හිටපු agent තමයි මට කිව්වෙ FriMi credentials use කරල online banking යන්න පුුලුවන් කියල. ඒත් මට හොයාගන්න බැරි උනා FriMi website එකේ login එකක්. ටිකකින් ඒ agentම මට call කරල කිව්වා කොහොමද කරන්නෙ කියල.
FriMi කියන්නෙ Nation Trust Bank එකේ account type එකක් නෙ. අපිට තියෙන්න අපේ FriMi එකේ විස්තර දීලා NTB එකේ Online Banking වලට register වෙන්න.
අපේ FriMi ID එක වගේම අපිට වෙනම NTB account number එකක් තියෙනවා. ඒක බලාගන්න පුලුවන් මේ විදයට ගිහින්.
Top Up > Other Top Up Options > Other Bank
දැන් අපි බලමු කොහොමද NTB Online Banking වලට Register වෙන්නෙ කියලා!
- මුලින්ම nationtrust.com එකට යන්න

- එතන Online Banking කියල තියෙන එකෙන් Personal Banking කියන එක click කරන්න
- ඒකෙන් Login form එකකට යනවත ඒකෙ පහල තියෙනවා. New User කියල link එකක්, ඒක click කරන්න.

- එතන form එකක් එනවා. ඒකට ඔයාගෙ විස්තර ටික දෙන්න.
- Get registered using: එකට NTB Account Number දීලා කලින් හොයාගත්ත account number එකත් fill කරන්න.
- ඊට පස්සෙ ඔයාගෙ phone එකටයි, email එකටයි OTP එකක් එනවා.


- ඊට පස්සෙ සාමන්‍ය account එකක් create කරනකොට වගේ username එකයි, password එකකුයි දීලා register වෙන්න විතරයි තියෙන්නෙ.
- ඒ credentials use කරල NTB online banking වලින් ඔයාගෙ FriMi Account එකට log වෙන්න පුලුවන්.
FriMi එකේ දැනට නැති feature එකක් විදියට Fund Transfer payeesලා save කරල තියාගන්න පුලුවන් හැකියාවකුත් මේකෙන් ලැබෙනවා. ඒවගේම payments schedule කරන්නත් පුලුවන්.
මං වගේ mobile-oriented නැති කෙනෙක්ට නම් මේ විදියට FriMi use කරන්න පුලුවන් එක සැහෙන වටිනවා.