Site Overlay

බීම සහ යාළුවෝ!

බොන උන් 13ක් මැද නොබී සිටීම ඉතා කදිම ක්‍රියාවකි. සමහරෙකුට එය කම්මැලි යැයි කිව හැක. නමුත් එය එසේ නොව, එකිනෙකා මට්ටමෙන් මට්ටමට විවිධාකාර මත් ස්වභාවයන් හට පැමිණේ. උන් හැකි වන බව දැනමුත් තමා ඉන්න මට්ටම නොදනී. අැතැමුන් අනුන්ගෙ මට්ටම් දනී. මා සියල්ලන්ගේ මට්ටම් දනී.

මත් වූ විට කටගැස්මට ගන්නේ ගීතයයි. එය සෑම විටම හය අට සංගීතයට හුරු එකක් ගන්නේ නර්තනයට පිටිවහලක් වන නිසාය. ඊට පද පේලි එකක් පමණක් දැන ගැනීම ප්‍රමාණවත් ය.

මේ අතර තුර සිදුවන තවත් දෑ තිබේ. සංගීතය කුමක් වුවත් සමහර විටෙක නැති වුව‍ද එකම නැටුම එක දිගට කර ගැනීමේ හැකියාව අැති අයද මේ අතර වේ. තවත් අයෙක් කියනා ගීතය හැර තමන් කැමති ගීයක් කියයි. මත් වූ අනෙකුත් සිතන්නෙ සැවොම එකා දේ එකම ගීයක් ගයන බවයි.

මත් බව වැඩිවත්ම නිහඬව සිටි කබරගොයි තලගොයි එළියට එ්ම සිදුවේ. අැතැමුන් සිහින දකී.

සුමිහිරි සංගීතයකට එකතු වන්නේ නොබී සිටිනන් හෝ මත් බව පහවෙමින් යන උන්ය. නැති නම් මල් පැණි බී පැමිණෙන මී මැසි රංචුවකි.

මේ සියල්ල බලා සිටීමම අැත්තෙන්ම කදිම ක්‍රියාවක් නොවේ දැ?

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *