Site Overlay

Internet නැතුව දවසක්

සිකුරාදා වැඩ ඉවර කරලා කලබලේම ගෙදර ආවෙ. අලුතින් ගත්ත prepaid රවුටරේ තියෙන නිසා මගේ අනිත් සිම් එක ගැන වද උනේ නෑ. රවුටරේ ගෙනැල්ලා පරණ රවුටර් එක පැත්තකින් තියල ඔන් කරත් වැඩ කරේ නෑ. පස්සෙ රවුටරේට ලොග් වෙලා දන්න වැඩකිඩ ඔක්කොම දාලා බැලුවා ඒත් බඩු වැඩ නෑ. ඊට පස්සෙ Redline කෝල් කලා. උන් කිව්වා ඇක්ටිව් තියෙන්නෙ වෙන අවුලක් ඇත්තෙ complaint එකක් lodge කරන්නං කියල. ඔක්කොම එපා වෙච්ච මං කාල එහෙම්ම නිදාගත්තා.

උදේ නැගිටලා ආයේ බැලුවා තාම හරි ගිහින් නෑ. ඉතින් මං ලැප් එකේ ෆිල්ම් එකක් දාගෙන බල බල උදේට කෑවා. කාලා එලිය බලනකොට ලොවි ගහේ ලොවි පිරිලා. ගිහින් ලොවි කැඩුවා. ගහ තාම පොඩි නිසා අතට අහුවෙන මානේ තියන ඒවා කැඩුවා. උඩම ඒවා කඩන්න අමාරුයි. පුටුවක් ගේන්න කියල ලොවි බෑග් එක එතනම තියල ගෙට යන්න හදනකොට දැක්කා තාත්තා පිටිපස්සෙ කන්ද පල්ලෙහා බැද්දට ගිනි තියනවා. එතකොටයි දැක්කෙ බාප්පලයි ගෙදර තාප්පෙකුත් දාලා කියල.

 ලොවි ගහ
රතු පාට බල්බ් දාපු ලොවි ගහ

අපේ කන්ද නිකංම්ම නිකං පස් කන්දක්. උඩහ කැලයක් වගේ තියෙනවා. ඒත් සත්තු නෑ. ඉස්සර නං නරි, මී මින්නො, හාවෝ, ඉත්තෑවො එහෙම හිටියා. කන්ද කපල කපලා දැන් කැලයක් නැති නිසා උන් ගිහින්ද කොහෙද.

කන්ද දැක්කම නගින්න හිතුනා, මොකද කන්දෙ අයිනෙම වෙරළු ගස් තියෙනවා. වෙරලු තියෙද බලන්න එහෙම්ම් කන්දට නැග්ගා. මං Tshirt එකක් ඇඳන්වත් නෙවෙයි හිටියෙ ගෙදරට හිටපු ගමන් නිසා. කන්දෙ කවුරුත් නැති නිසා ඔහේ නැග්ගා ඉතින්.

 

 

අම්මටසිරි! ගහ පිරෙන්න වෙරළු. කැලෑව ඇතුලට තව ගියාම වෙරලු ගස් ඔක්කොගෙම ගෙඩි පිරිලා. එක ගහකට නැග්ගා. ගෙඩි දෙක තුනක් කන ගමන් අතට අහුවෙන ගෙඩි ටික කඩල සාක්කුවකට දාගත්තා. ඒකට එහා පැත්තේ ගහේ ටිකක් ලොකු ගෙඩි තිබුනා. මේ ගහෙන් අමාරුවෙන් බැහැලා, අනිත් එකට නැග්ගා. ගස් නගිනවට වඩා බහින එක අමාරුයි නෙව.

ගහ පුරා වෙරලු

අනිත් ගහටත් නැගල, සාක්කු දෙක පිරෙන්න වෙරලු කැඩුවා. ගහෙන් කොහොම හරි බැහැල ගෙදර යන්න හිතුනත් කාලෙකින් කන්දට නැග්ගෙ නැති නිසා කන්ද මුදුනටම යන්න හිතුවා. Tshirt එක නැති නිසා ගස් වල කටු වලට මුලු ඇගම සීරෙනවා. ඒත් කමක් නෑ කියල හති දාගෙන නැග්ගා. මුදුනටම නැග්ගා.

 

 

 

 

කන්ද මුදුනට ගම පේන විදිය

මොකෙක්වත් නෑ උඩ. මං ගහක් යට හාන්සි උනා මහන්සියට. ඊට පස්සෙ බැලුවා හිඹටු තියෙද කියල, ගහටම තිබුනෙ ගෙඩි 3යි. හිඹටු ගෙඩියකුත් කන ගමන් පොඩ්ඩක් කැලේ ඇතුලට ගියාම මොණරෙක් හිටියා. ඌ පස්සෙන් ගියා photo එකක් ගන්න ඌ ඇතුලට ගියා. ඊට පස්සෙ තව වටේ ඇවිදලා පල්ලෙහාට බහිනකොට ඇහුනා කොල පොඩිවෙන සද්දයක්. ඒ පැත්ත බලනකොට කලුපාට සතෙක් දුවගෙන ගියා. හරියට දැක්කෙ නෑ. බල්ලෙක් කියල හිතුවත් බල්ලෙක් දුවන විදියට නෙවෙයි දිව්වෙ. අනික වලිගෙත් පුංචියට තිබුනෙ. ෂුවරෙකට වල් ඌරෙක් වෙන්නෝන. උෟව බලන්න ආයෙ උඩට නැග්ගත් ඌ නෙවෙයි මට හොයාගන්න පුලුවන් උනේ.

හිඹටු - Himbaru
හිඹටු
පර

 

 

 

 

 

 

 

කොහොම හරි බැස්සා. දාඩිය නාගෙන ගෙදරට ඇවිත් වතුර ලීටරයක් විතර බීගෙන බීගෙන ගියා. හුලන් වදින්න කියල එලියට වෙලා ඉඳං අම්මා එක්ක ටිකක් කතා කර කර හිටයා. ඊට පස්සෙ කෑවා ෆිල්ම් එකක් බල බල.

කාලා ඉවරවෙලා නාගන්න කියල බාත්රූම් එකට ගියාම දැක්කෙ කිලුටු වෙලා. ඒකත් ආයේ හොඳටම හෝදල නාගෙන ආවා. මං සාමාන්‍යයෙන් බාත්රූම් හෝදන වගේ වැඩ කියන්නැතුව කරන්නෑ. අම්මට මාර හැපි. #AmmaPoint හම්බුනා 😀

අද දවස සාරාංශයක් විදියට ගත්තොත්,

  • ෆිල්ම් 2ක් බැලුවා
  • ලොවි කැඩුවා
  • තාත්තට බැද්දට ගිනි තියන්න උදවු කරා
  • එහා ගෙදර තාප්පයක් දාලා කියල දැක්කා
  • කන්දෙ නැග්ගා
  • වෙරලු කැඩුවා
  • අම්මා එක්ක ටිකක් කතා කර කර හිටියා
  • බාත්රූම් එක හේදුවා

මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනේ අද ඉන්ටනෙට් නැති හින්දා තමයි. මේකත් notepad එකක ලිව්වෙ පස්සෙ blog එකට දාන්න හිතන්.

Spread the love

6 thoughts on “Internet නැතුව දවසක්

  1. ඉන්ටර්නෙට් නැතුව ඉන්න කොට ලෝකෙ පේන්න ගන්නවා නේ!
    දිමි ප්‍රහාර එල්ල වුණේ නැද්ද? ?

  2. හම්මට ඒකනේ මං බැලුවේ මිනිහට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වෙලාවක් කොහෙද කියලා ??

    1. ඒකනේ කියන්නෙ. වෙලාව හොයගන්න එක අපිට හරි අමාරු වැඩක් සහෝදරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *