අපි විය දෙගසක්
මැදි කර ලතාවක්
නම් “ඕනවටවඩා සිතන”
ජායා බදායන
අතීතයේ පෙර දිනෙක
කියු වචන මතකයිද
අනුකම්පිත ස්නේහයෙන්
යන්නෑ මං කිසිම දින
දිනෙන් දින ගතවුනා
ලිය වැලේ බර වැඩි උනා
ගසේ දෙකේ වැඩීමත්
ඒකෙන්ම නැති වුනා
නොතේරෙයි ජායා ගසට
ලිය වැලේ බර තවම
ආදර බමන මත
මල හදවත අවුය
නමුත් අනිත් ගසත්
යයි track out පැන
මුදල් යයි ජීවිතය
අන්දයෙන් දෙනයම
ජායා ගසේ පිළිලය
තව තවත් වැඩි විය
අනිත් ගසටත් එය
වැලක්වනු බැරි විය
දින සති ගත වුනා
නපුරු සිත් ඇති වුනා
ලියවැලේ වචන
ජායා ගසින් පිටවුනා
අනිත් ගස අසරණව
තනිව කල්පනා කරා
තමන්ගෙ වැරදිත්
තියෙන බව නොදැනීම
වසන්තය අවුදින්න
ඉවත් කල යුතුය වැල
නැතහොත් ගස් දෙකම
දිරන බව නිසැකමය
අනිත් ගසේ අදිටනින්
මහා සුළඟක් ඇවිදින්
ලිය වැල කඩන් වැටුනේ
තම වැරදිත් දනිමින්
ලිය වැල වැටුනු කල
වැටුහුනි දෙගසටම
අතුපතර විහිදී ගොසින්
එක් වුනි පෙරලෙසම
ඒ සොදුරු කාලය
මතක් වී මට තවම
මැවෙනවා හරියටම
ආදරේ කිවු දිනය
තේරුම:
ගස් දෙකක් කියන්නෙ මමයි එයයි. ගස් වලටත් ලිංග භේදයක් තියනවා නේ. ජායාංගි කියන්නෙ ගෑන ස්ත්‍රී සෛල කියන එක. ජායා ගස කියල උපමා කරේ එයා ගැන. වැලක් කියල ගත්තේ අපි දෙන්නගෙ අතරට ආපු ප්‍රශ්න. එයාට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි ඕනවට වඩා හිතන එක. ඒක එයාව බදාගෙන ඉන්නෙ.
ඉස්සර තිබුන ආදරේ එන්න එන්න ප්‍රශ්නවලට හැරෙනවා. එයාගෙ over thinking ගතියයි. මගේ වැඩ අධික වීමයි නිසා. ඉස්සර එයාට දුන්න කාලේ දෙන්න බැරි වෙලා ප්‍රශ්න වැඩි වෙනවා.
ආදර බමන මත – මල හදවත අවුය කියන්නෙ එයා ආදරෙන් මත් වෙලා ඉන්නෙ. එයා හිතේ තියෙන්නෙ ආදරේ විතරයි. අවුය කියන්නෙ අමු කියන වචනෙට සමාන වචනයක්. ඒකෙන් අදහස් කලේ තාම පොඩි නිසා මේවා එයාට තේරෙන්නෑ, ඕනවට වඩා හිතන එකෙන් වෙන්නෙ තව ප්‍රශ්න වැඩි වෙන එක කියලා
මාත් ඉතින් freelancing වැඩ හැම එකම බදාගෙන එයා එක්ක ඉන්න වෙලාව අඩු කරන් මේක තවත් අවුල් කරගන්නවා.
එන්න එන්න මේ සීන් එක ගිහින් වලියක් යනවා ලොකුවටම. පස්සෙ ඉතින් මාත් කල්පනා කරල බලනකොට මගේ වැරදිත් සෑහෙන තියෙනවා.
ඉතින් ඉස්සරහට මෙහෙම ගියොත් දෙන්නටම කෙලවෙනවා කියල මං කල්පනා කරල බැලුවා. මං මගේ වැරදි ටික තේරුම් ගත්තා කියල එයාට කිව්වම එයාගෙ අවුලත් ඉබේම නැතිවුනා
ඊට පස්සෙ දෙන්නට දෙන්නා තේරුම් අරං ආදෙරෙන් වෙලුනා. ඔන්න ඕකයි තේරුම මේකෙ.