මේ දවස්වල ටුවිටර් එකේ අකුරු 280ක් තියෙන නිසාත්, threads දිගට දිගට යන නිසා මටත් හිතුනා මොනවහරි දාන්න ඉතින් ඊයෙ මගේ යාලුවෙක් මට කියපු කතාවක් දැම්මා. ඒක තමයි දැන් මෙතන මං දැම්මෙ.
යාලුවෙක් කිව්ව කතාවක් කියන්නයි යන්නෙ
මේක වෙනකොට මට අවුරුදු 22ක් විතර ඇති. මං හිටියේ නුගේගොඩ පැත්තෙ බෝඩිමක. IT company එකක ජොබ් එකක් කර කර හිටියේ. ඒකෙ පඩි මදි නිසා පාට් ටයිම් පෝසට්ර් අලවන්න ගිහින් තමයි මේ කතාව සිද්ධවුනේ.
— Sashen (@SashenMe) November 21, 2017
යාලුවෙක් කිව්ව කතාවක් කියන්නයි යන්නෙ
මේක වෙනකොට මට අවුරුදු 22ක් විතර ඇති. මං හිටියේ නුගේගොඩ පැත්තෙ බෝඩිමක. IT company එකක ජොබ් එකක් කර කර හිටියේ. ඒකෙ පඩි මදි නිසා පාට් ටයිම් පෝසට්ර් අලවන්න ගිහින් තමයි මේ කතාව සිද්ධවුනේ.
එක දවසක් මෙහෙම මමයි තව යාලුවෙකුයි ගියා පෝසටර් අලවන්න. නුගේගොඩම ඇතුලෙ ගමකට වගේ තමයි ගියේ. අපි සාමාන්‍යෙයන් යන්නෙ රෑට. මොකද කවුරු හරි අපිව දැක්කොත් හරි නෑනේ.
අපි පෝසටර් අලවන්න පටන් ගත්තේ හන්දියකින්. එතන හරි මූසල පාටක් තිබුනත් එහා ගෙදරක දාලා තිබුන TV එකේ සද්දෙන් ඒ ගතිය ගියා.මං ඒ ගෙදර පැත්තම බලාගෙන හිටියා මගේ යාලුවො පෝස්ටරේ අලවන්න පාප්ප ගානකම්.
හරි පුදුමයි. ලස්සන කෙල්ලෙක් ඉන්නවා ජනේලෙන් අපි පාප්ප ගානවා බලාගෙන.
“මොකක්ද ඕයි කරන්නෙ? අලවපිය ඕක. “
එහෙම කිව්වෙ මගේ යාලුවා. මං පොස්ටරේ අතේ තියන් අහක බලන්ඉන්නකොට.
මං ඊට පස්සෙ පෝස්ටරේ ඇලෙව්වා. අලවල ආයේ අරපැත්ත බලනකොට ලයිට් එක වහල අර කෙල්ලා ගිහින්.
මං ඒ කෙල්ලා ගැන කල්පනා කර කර ගියා ත්‍රීවිල් එකේම ඉස්සරහට. පාලු ගොයක් තිබුනා.
කවුරුවත් නැති පාටයි. හැබැයි තාප්පෙ පෝසටර් අලවල තිබුන නිසා අපිත් ත්‍රීවිල් එකෙන් බැහැලා අලවන්න පටන් ගත්තා
එතනට ගියපු ගමන් ආවේ හරිම මූසල ගඳක්. අපි ඒක ගනන් ගන්නැතුව ආපු වැඩේ කරන්න පටන් ගත්තා. අරූ පාප්ප ගානවා. මං අලවනවා. එක පොස්ටරයක් අලවල මං නිකං බැලුව ගේ පැත්ත.
මං ලාවට මොනවහරි ගෙදර ඇතුලෙ දැක්කා වගේ දැනුනා. චකිතයක් වගේ ආවාත් මං බැලුවා මොකක්ද කියල. ඒ ගෙදර කවුරුවත් ඉන්නවා කියල හිතන්න අමාරුයි. මොකද අවුරුදු ගානකින් කවුරුත් ඉඳලා නෑ කියල බැලූ බැල්මට පේනවා.
එකපාරට මං දැක්ක දෙයින් මට මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බැරි උනා.
සුදු පාට ඇඳුමක් ඇඳගත්ත, කොණ්ඩෙ කඩාගෙන, ගැණු කෙනෙක්. කරුවල උනත් සුදුපාට මට පේනවා. ඒ ගැනූ කෙනාගෙ ඇස් නෑ. ඇස් කලුම කලුයි. මූනේ නිකං ඇස් දෙක සිදුරු දෙකක් වගේ පෙනුනෙ.මට හිත හෙලවෙන ගතියක් දැනුනා. දැන් මට හුස්මගන්න එක පවා අමතක උනා. හැබැයි ආයෙත් ඒ පැත්ත බැලුවට මං ඒ ගැනූ කෙනාව දැක්කෙ නෑ.
මං මේක යාලුවටවත්, ත්‍රීවිල් එකේ අයියටවත් කිවුවෙ නෑ. මට ලැජ්ජ නිසා. එතන පෝසටර් ගහල ඉවර උන ගමන් ඉක්මනට මං ත්‍රීවිල් එකට නැග්ගා.
නැගල යන ගමන් ත්‍රීවිල් එකේ අයියට කිව්වා, අයියෙ ඒ ගෙදර නම් ටිකක් අමුතුයි වගේ නේද? ගිය ගමන් ආපු පුලුටු ගඳ නිසා හරි මූසල පාටයි නේ කියල
ඔව් මල්ලි ඔයාලාට පෝසටර් ගහන්නම ඕන නිසා එක්කං ආව මිසක් මං ත්‍රීවිල් එකෙන් බැස්සෙත් නැත්තෙ ඒකයි.
ඇයි අයියා මොකක් හරි කේස් එකක් තියද?
ඔව් මේ හරියෙන් 6න් පස්සෙ මනුස්සයෙක් යන්නෑ හොල්මන් සීන් තියෙනවලු. මේ ගෙදර ගෑනී මිනිහගෙ අතින් මැරිලා. ඊට පස්සෙ තමයි ගෙදර අතෑරලා මිනිහා රට ගිහින් තියෙන්නෙ. ගේ විකුණුවත් ගේ ගත්ත මිනිස්සුන්ට ඉන්න ලැබිලා නෑ.
ඒක ඇහුනම මට හීන් දාඩිය දැම්මා. ඒත් මං මුකුත් කියන්නැතුවම හිටියා. මං හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් මං දැකපු දේ බොරුවක් ද ඇත්තක්ද කියන්න මං දන්නෑ.
මං මේක බෝඩිමට ඇවිත් ඇන්ටිට කිව්වා. ඇන්ටි බය උනා මටත් වඩා.
ඊට පස්සෙ පිරිත් පැන් ටිකක් පන්සලෙන් ගෙනත් දීලා, පිරිත් නූලකුත් අතේ බැන්දා.
ඒ සිද්ධිය විතරයි මං හොල්මන් කියල දැකල තියෙනව නම් දැකල තියේන්නෙ. සමහර විට මගෙ හිතේ ඇඳිච්ච දෙයක් වෙන්න ඇති ඒත් අර පුළුටු ගඳ නම් අපි හැමෝටම එවෙලෙ දැනුනා.
කතාව එච්චරයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි. මේය සත්‍ය කතාවක් වන අතර නම් ගම් හෙලි කිරීමට මා කැමති නැත. මන්ද මේ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාද ටුවිටර් සිටිනා බැවිනි.
ස්තූතිය. හෙට රෑටත් හොලමන් කතාවකින් හමුවෙමු!