අපි කරන හොඳ නරක ඔක්කොම database එකක save වෙනව ඇති නෙ. හොඳ නරක දේවල් එක table එකක් ඇති, අපි ගැන එක table එකක් ඇති තව එකක් ඇති ආත්මෙ ගැන විස්තර. ආත්මෙන් ආත්මෙට වෙන දේවල් ඔක්කොම අර හොඳ නරක table එකේ save වෙනකොට අපේ ආත්මෙ id එක foreign key කරල ඇති.
කරන දේ තියන වටිනාකමට වෙන ම column එකක් ඇති ඒකෙ නරක නම් – value එකකුත් හොඳ නම් + value එකකුත් එන්න values add වෙනව ඇති. මැරුණට පස්සෙ අපේ id එකට තියන හොඳ නරක column එකේ තියන value එක බලලා, ආයෙත් මනුස්සයෙක් වෙනවද නැද්ද ඇති. නැත්නම් දිවියලෝකෙ යනවද අපායෙ යනවද කියල බලනව ඇති.
අපායෙ යම රජ්ජුරුවො ඉස්සෙල්ලම බලනව ඇත්තෙ ඔය database එක. පොරට හැමදේම බලන්න පුලුවන් ඇති. ඔය යම පල්ලොන්ට එහෙම සමහර ඒවා restrict කරල ඇත්තෙ. අපායෙ උනත් privacy එකක් තියෙන්න එපැයි.?
Spread the love