අපේ sports day එක ගැන ලියන්න හිතුනත්, එක එක වැඩ නිසා ඒක ගැන ලියන්න බැරි උනා. ඒත් ඊයෙ ගාල්ලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳන් ලියන්නමයි හිතුනෙ. hikz 😛
sports day එක නම් ඇත්තටම මෙලෝ රහක් නෑ. ගාල්ලෙ උං ආගන්තුක සත්කාර දන්නෙම නෑ. ඒත් ලස්සනට කරල තිබුනා. නරක වගේම හොඳත් කියන්න එපැයි, 😉 ගොඩක් මහන්සි වෙලා තිබුනා decorations වලට. ඒත් අපිට ගහල තිබුන hut එකට අව්වයි B-)

අපේ Matara Power play team එකට තමයි ඉස්සෙල්ලම මැච් එක සෙට් උනේ ඇඹිලිපිටියත් එක්ක. අපේ අයියල හොඳට play කලේ නෑ. කොහොමත් අපේ එකට ප්‍රැක්ටිස් කලා වගේ ප්‍රැක්ටිස් කලෙත් නෑ. අනිත් එක දමිත් සර් මේකට වැඩි උනන්දුවක් දැක්කුවෙත් නැ. එයාට ඕන කොළඹ trophy එක මාතරට ගෙන්න නේ… ඒත් හැමෝම අපේ team එක ගැන ගොඩක් hopes තියන් හිටියෙ. අහෝ දුකකි. ඉරකි තිතකි! අපේ කටිටිය ඇඹිලිපිටියෙ උන්ට පැරදුනා. පළවෙනි මැච් එකෙන්ම. හාවා (i dunno his name) out උන නිසා තමයි කේස් එක නැත්නම් අපි දිනන්නත් තිබුනා..
කොහොමහරි මැච් එක පැරදුන නිසා කට්ටියට කිසි tension එකක් තිබුනෙ නෑනෙ. ඉතින් පට්ට ආතල් එකේ හිටියෙ. fun games වලට යන්න වෙන්නෙත් නෑනෙ මැච් එක තිබුනා නම්. මැච් එක පැරදුනාට කට්ටිය fun games ගොඩක් දින්නා.

ඉස්සෙල්ලම තිබුනෙ egg passing… ඒකට මායි යසාරා අක්කයි ගියා. ඒත් අක්කට දැම්මා පළවෙනි පාරම එයා බිම දාගත්ත බිත්‍තරේ… 🙁
ඒත් අපේ සනෝ අක්කයි. නදීෂ් අයියායි තමයි egg passing එකෙන් දින්නෙ. එයාලා දින්නට කිවුවෙ සනෝජා සහ නදීෂ් කියල නෙවෙයි. සංජය සහ නදීෂා කියලා. 😛 😛 😛 දින්නා විතරක් නෙවෙයි, හොඳම කුකුළා සහ හොඳම කිකිළිය යන සම්මානයෙන්ද පිදුම් ලබන ලදී. ලෝල්.
තව මොනාද, ආහ් ඊට පස්සෙ කවදාවත් නොකරපු අළුත් ගේම් එකක් තිබුනා. පොල්ගෙඩිය පාස් කරන්න කකුල් දෙකෙන්. ඒකත් මරු. අපේ කොල්ලො 8 දෙනෙක් සෙට් වෙලා team එකක් විදියට තමයි play කලේ. අපිට එහා පැත්තෙ galle girls’ team එකක් හිටියා. ඒගොල්ලො පාස් කරනකොට මායි හාවායි “ඔන්න වැටුනා, ඔන්න වැටුනා” කියල කෑ ගැහුවා. එක පාරටම පොල් ගෙඩි වැටුනා. 😛 අරුන්ට මලේ මල. ඊට පස්සෙ කොහොම හරි teams දෙකයි ඉතුරු උනේ.

අපි පාස් කරනකොට අර කෙල්ලො ටික අපිට එක එක ඒවා කියනවා. තව පොඩ්ඩෙන් උක්කුවා(පුබුදු අයියා) දෙනවා බිත්‍තරෙන් (සනෝජා අක්කල දිනපු) අරුන්ට. 😛
team දෙකම පොල් ගෙඩිය වට්ට ගන්නෙ නැතිව පාස් කරගෙන යන නිසා ඉක්මනටම පාස් කරන team එක දිනුම් කිවුවා නිසා කට්ටිය කලබලෙන් කරගෙන ගියා. අයියෝ හාවා වැට්ටුවා පොල් ගෙඩිය මගේ කකුළට දෙනකොටම. ඒත් ඒවෙනකොට අනිත් team එක පොල් ගෙඩිය බිම දාගෙන. අපි දිනුම්. අපිට පට්ට happy ඉතින්.
තව අයිස් දියකරන game එකක් තිබුනා. ඒකට නුවන්ලා නදීෂ් අයියල සෙට් එක ගිහින් ඒකත් දිනලා තිබුනා.
වැඩිම වෙලාවක් කරේ dance කරපු එක තමයි. මේ දවස් වල hit වෙලා තියෙන Gagnam style එකට හැමෝම වගේ නැටුවා. පට්ට පට පට. 😀 තාමත් අත පය රිදෙනවා.
ගාල්ලෙ උං මහ පෙරේතයො. අපි 50ක් විතර ගියා. ඒත් lunch එකට token ලැබුනෙ 20යි. දෙන්න දෙන්න කන්න බෑනේ. අපි කඩෙන් කෑවේ. මෙලෝම රහක් නෑ. හැබැයි තිබුන place එක නම් නියමයි. අපේ ඉතින් ඉන්නෙ photography උණ තියන අයියලා අක්කලා නේ(including me) LOL… නියම Photos ටිකක් ගත්තෙ අපි. අපිට(sano akki n me) හොඳ cameras නැති උනත් එළකිරි photos ටිකක් ගත්තා. B-)


අපි photos ගන්න අතරෙ නුවන් කාරයා කෙල්ලොන්ට අයිස්ක්‍රීම් අරන් දීලා. අපිට නෑ. ඌගෙ පැණිකම එතන register උනා. nuwan paniya nuwan paniya කියල හැමොම කිවුවා. පවු අෆ්‍ෆා නුවන්. LOL තව හාවයි, මෙතයි සනෝ අක්කගේ සෙන්ට් එක උස්සලා ඒක ගහගෙන සුවඳේ බෑ… hikkzzz

අපේ girl’s cricket team එක first match එක කිසි ගින්නක් නැතිව දින්නා.

මුතුෂිනී අක්කා නම් නියමෙට ගැහුවා. 6 ඒවා ගැහුවා දෙක 3ක්ම. පළවෙනි මැච් එක දින්න නිසා, අපිට ආවෙ ගාල්ලත් එකක් finale. අපිට රත්නපුරේ & ඇඹිලිපිටියෙ සෙට් එකත් පට්ට cheer එකක් දුන්නා. උන් ඉස්සෙල්ලා මැච් එක දිනපු නිසා මාර ප* ෂෝ එකෙන් හිටියෙ. උං සෙල්ලම් කරන කොට මෙතා මෙතා කියල කෑ ගැහුවෙ මොකද කියල මං නම් දන්නෑ. 😛
ගාල්ලෙ මහා ක්‍රිකට් ක්‍රීඩිකා සාදනා(ලෙඩ සාදනා ද කැවුම් සාදනාද 😀 😀 :D) මුතුෂිනී අක්කගෙ පළවෙනි ball එකෙන්ම out උනා. ඒකි යනකොට මාර රැඟිල්ලක් රැඟුවෙ. buhhahahaha
මැච් එක ගහගෙන ආවා. අපේ girlsලට wide බෝල් වැටුන නිසා මැච් එක තීරණාත්මක උනා. අන්තිම බොලෙට Galle flowersලට තිබුනෙ 4ක් ගහන්න මැච් එක දිනන්න. wide එකක් දැම්මොත් අපි පරදිනවා. බෝලෙ දැම්මා wide නෑ. අපිට පට්ට happy. Runs දෙකක් ගත්තා. අපි දිනුම්. boys’ match එක පැරදුන නිසා තවත් සතුටුයි අපේ අක්කලා ගැන. ඒ වෙලාවෙ වැටිල සනෝ අක්කගෙ කණ්නාඩි දෙකත් කැඩුනා.

ඊට පස්සෙ තමයි නියම scene එක, සතුට කොච්චරද කියනව නම් අපි ground එක මැදට දූවගෙන ගියා. අයියා කෙනෙක්( මං නම දන්නෑ) විකට් කූරු ගැලෙව්වා. අම්මටසිරි අම්පයාර්ලා දෙන්නට මළ.

උන් ඉඳගෙන කියනවා. මොකද කරන්නෙ. එහෙම විකට් ගලවන්න පුළුවන්ද.. bla bla… අපි ගාල්ලෙ. එක කෝල් එකයි දෙන්න ඕන මුළු ගමම මෙතන. අත පය කපල දානවා. මරණවා. කෑලි ටික බස් එකේ දාලා යවනවා. අරකයි මේකයි. අපේ උන්ට මළේ මළ.
ගාල්ලෙ උන් පැරදුන නිසා අරුන් දෙන්න හැදුවෙ reball කරල මැච් එක අපි පරද්දවන්න. ඇයි උන්ට පට්ට නොන්ඩීනේ. boys’ එකවත් දින්නෙ නෑනේ.
අපි උන්ට ගහන්නමයි හිටියෙ. කොහොමත් ගිය අවුරුද්දෙ scene නිසා. පැටලෙන්නමයි දෙගොල්ලටම ඕනවෙලා තිබුනේ. ඒත් දමිත් සර් ගිහින් shape කරල ආවා. අපි දිනුම් කිවුවා. ඉතින් තව මොකක්ද 😀 තව කේස් දැම්මා නම් අර බෝලෙ cancel කරල ආයෙත් ගහන්න තිබුනා. කොහොමහරි අපි දින්න නේ. අපිට ඩිසිප්ලීන් නෑලු. මඟුල තමයි අපේ hut එක තමයි. ඉවර වෙනකම් හොඳට තිබුන එක. අනිත් ඒවයි කෑලිවත් නෑ.
කොහොම කොහොම හරි කටිටිය තමන්ගෙ fun එක ගත්තා. අන්තිමට ගාල්ලෙ උන්ගෙ talent show වගේ සිද්ධියකුත් තිබුනා මෙලෝ රහක් නෑ. ඊට කලින් කෙල්ලා 3දෙනෙක් dance කලා. සුදුපාට ඇඳන් හිටපු එක නම් මරු. 😛 😛 😛
අන්තිමට awards දුන්නෙ. වැඩියෙන්ම කියවුනේ මාතර කියල. අපි M.A.T.A.R.A Matara කියල කෑ ගැහුවම පට්ට feeling එකක් දැනුනේ. ඊටත් වඩා රාහුලේ කොල්ලො සෙට් එක R.A.H.U.L.A කියල කිවුවම මාරම මාරට හැඟීමක් දැනුනා. 😀
කොහොමහරි අපේ අක්කලා කප් එක අරන් ආවා. ඒ අතරෙ චීන කෑලි දෙකක් (made in china :P)ඇවිත් හිටියා. අපේ මෙතා අයියයි, නදීෂ් අයියයි තව දෙතුන් දෙනෙක් සෑහැන්න දෙන්න ගියා. නදීෂ් අයියා කොච්චර පැණි හැළුවද කිවුවොත් number එකත් ඉල්ල ගත්තා & දුන්නා. සෑහෙන්න දේවල් කතා කරා. මොනවා කතා කලාද මන්දා :/ 😛 Metha චීනෙනුත් මොනවද කිවුවා. අර කෙල්ලාට පට්ට හැපි. hehe.
cup එක ගත්තට පස්සෙ අපි ආවා. ඊට පස්සෙ මොකට ඉන්නද. බස් එකට නැග්ග ගමන් හැමෝටම card වැදුනා. එනකම් සින්දු කිය කිය ආවා. එතකොට තමයි දැනගත්තෙ සාදනා අපේ උක්කුවට ගහල කියල. හිහි. උක්කුවාත් නියම රස dial එක. හැමෝගෙම නම අගට පැණියා යන ප්‍රත්‍ය එක්විය.
nuwan paniya, rocky paniya, azith paniya, hawa paniya, cheena paniya, cheena kukula, badapu kukula, sano kikili, bla bla
ඊට පස්සෙ එක එක විකාර කියවා කියවා ආවා. පට්ටම ආතල් එකක් ගත්තෙ…. 😀 😀 : D
හිනා කලා මැරෙනවා මල්ලි මේක කියෙව්වම….. 😀 😀 පට්ටයි.. (Y) 100% agreed with your essay…. 😀 😀
LOL 😀
😀 😀 😀
maxxa shashen ,I missed the day,,
ohhh don’t worry Buddhika aiya, there’s another one in CMB 🙂
woooow niyamai. i miss the day :'(
ahh kk. however, you can enjoy tomorrow 😉
Maru malli… 2013th liuwa nam thama maru malli
welawak tibune na akkii