“හුටා! හෙට උදෙන් ම නැගින්නත් ඕන නේ“ යැයි සිතමින් මා පෙර දින යහනට පැන්නත් මට නම් නිදි දෙව්දුව ගෙන් කිසිදු ආයචනය තිබුනේ නැත. හෙට දින උදාවවන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. කෙසේ හෝ මට නින්ද ගොස් තිබිනි. රමීෂා සහ සනෝ අක්කලාගේ දුරකතන ඇමතුම් සමඟ පිබිදුන මා 5.45ට පමණ මාතර දුම්රිය ස්ථානයට ළඟා වීමි. රුහුණු කුමාරි දුම්රියෙන් අපි ගාල්ලෙන් බසිනවිට වෙලාව 7ට ආසන්න වී තිබින. චතුරුකත් අප සමඟ සිටි බැවින් අප කතා කරගත් පරිදි The Art Galleryයෙහි අනෙක් සාමාජිකයන් සිටින ගාල්ලේ උසාවිය ළඟට ගියේ Google Maps වල අධාරයෙනි.
අප එතනට යන විට සෑමදෙනාම ඇවිත් තිබිණ. ඔවුන් අපිව නෝණ්ඩි කරේ ළඟ ඉඳලත් ආවේ ඔවුන් පැමිණියාට පෙර බැවිනි. උදේ පාන්දර ටීචර් රෙජිස්ටරය ලකුණු කරන්නා සේ කවීනා අක්කා අපගේ පැමිණීම ලකුණු කර ගත්තාය. පසුව සජිත් අයියාගේ හා දිලීප අයියාගේ කතාවලින් පසු අපි සියලු දෙනා දෙපිළකට බෙදී ගියේ දඩයම් කරුවන් රැළක් අවි සමඟ දඩයමේ යන්නාක් මෙනි.
උදෑසන හිරු එළිය ගාලු පුරවරයට වැටී තිබුනේ අපගේ ගමනට ආශිර්වාද කරන්නාක් මෙනි. ගාලු අධිකරණය අසල ඇති මහා රුක් අතරින් වැටෙන ළා හිරු එළියේ තිබුනේ කියාගන්නට බැරි සුන්දරත්වයකි. බැලු බැලු හැමතැනම පින්තූරයක් ගත හැකි පරිසරයකි. අපගේ කැමරා නැමති අවි අමෝරා ගනිමින් පින්තූර දඩයමේ යන්නට පටන් ගතිමු.
“ඔයා පින්තූර ගන්නෙ කුඩෙන්ද?“ සජිත් අයියා රමීෂා අක්කාගෙන් ඇසුවේ ඈ අත කැමරාවක් නොතිබුන හෙයිනි. “ආ මේකෙන් ගන්න!“ කියා හේ ඇයට තම කැමරාව දුන්නෙ නිර්ලෝභිවය. මං හිතුවට වඩා සජිත් අයියා වෙනස් පුද්ගලයෙකි. මා ඔහුව හඳුනාගෙන සිටියේ කොල සහ තැඹිලි ඔහුගේ profile picture thumbnail එකෙන් හා ගැලරියේ පින්තූර වලට දමන ලද comment වලිනි. මා සිතුවේ ඔහු පණඩිතයෙක් කියා ය. 😛 නමුත් එය හාත්පසින්ම වෙනස් ය. 😉 සජිත් අයියා, චතුරුක, බිනර අයියා, සනෝජා අක්කා, රාහුල් හා තවත් කීප දෙනෙක් අප සමඟ සිටියහ. ඔවුන්ගේ නම් දන්නේ නැත්තේ ගැලරිය සමඟ මා වැඩි සබඳතාවක් නැති නිසාය. නමුත් මෙම ගමනත් සමඟ එය වෙනස් විය.
නේක නේක වීදි සංචාරය කරමින් නෙතේ ගැටෙන දෑ කලාත්මක ලෙස රාමුවකට ගන්නට අප සැමටම අති සාර්ථක ලෙස පුළුවන් විය. ඒ අතර තුර මා හට විවිධ අයියලාගෙන් ගොඩාක් දෑ ඉගෙන ගැනීමට හැකිවීම ගැන මා හද තුළ ඇත්තේ කෘතඥතාවයකි. ප්රධාන වශයෙන් බිනර අයියාගෙන් හොඳ උපදෙස් ටිකක් ලැබුනි.
කැමරාව ගත්තාට පස්සේ හිතට දැනනෙ ලෙස පින්තූර ගත්තේ මං එදාය. Street Photography වලට අමතරව සනෝජා අක්කාගේ model shoot එකක්ද මට කරගත හැකි වීම ගැන හිතනකොට දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්. 😛 😛 😛
පැය ගණනක ඡායාරූප දඩයමෙන් පසු අපි දෙපිළ එක් වූයේ ගාලු කොටුවේ ඔරලෝසු කණුව ළඟදී ය. එතනදීම අපගේ සමූහ ඡායාරූපය ගත්තේ අව්වේ කර වෙමිනි.
දිවා ආහාරය සඳහා උණවටුනට ගිය අපි දිවා ආහාරයෙන් අනතුරුව අප ආසන සකස් කරමින් දේශනා ඇසීමට සූදානම් උනෙමු. (දේශන නෙවෙයි සුපිරි වචන ටික 🙂 )
අමිල අයියා Candid Photography පිළිබඳව සුපිරි වදන් වැලක් අප හමුවේ තැබීය. එයින් මා මෙන්ම හැමෝම ගොඩක් දෑ ඉගෙනගත්තා යැයි සිතමු. ඉන් පසු සජිත් අයියාද Wild Life Photography සම්බන්ධයෙන් වචන කීපයක් කතා කලේ යාලෙ යන්නද යෝජනාවක් ඉදිරිපත් කරමිනි.
මේ දේශන අතරතුර මැදින් පැන දිලීෂ අයියා එතන සිටි සියල්ලම හිනස්සවීමට සමත්වීය. 😀 ඇත්තටම ඔහුත් මා හිතුවාට වඩා ආතල් පොරකි 😉 ඔහුද හිතට වදින වදන් පෙළක් අප හා විදහා දැක්වූයේ ය. ඉන් පසු සමීර අයියාද වචන කීපයක් කතා කලේය. ඔහුගෙන් ලැබුන Toblerones වලට මෙහිදී නැවත Thanks කරමි.
මේ අතර හොඳම කැපවීම වෙනුවෙන් බුද්ධික අයියාට Art Gallery කැප් එකක් ලැබුනි. එයා එක්ක කරට කර තරඟ කලේ වෙන කවුරුවත් නොවේ අපේ සනෝජා අක්කා බවද සජිත් අයියා කීවේ ය.
කතා වලින් අනතුරුව කට්ටිය සෙට් උනේ නාන්න. නාන්න මෙන්ම ******. කොටු කොටු. එත් මායි සමීර අයියායි, බුද්ධික අයියයි, සනෝ සහ රමිෂා අක්කලා එක්ක උනවටුණ වෙරළ තීරයට ගියේ තවත් පින්තූර ටිකක් ගන්නයි. එතනට රැල්ල ගහන්නෙ අම්මටසිරිවෙන්න. ඉතින් Slow Shutter Shots ටිකක් ගන්න පුළුවන් උනා tripods තිබුන නිසා. සමීර අයියගෙ Filters ගොඩක් ප්රයෝජනවත් වුනා. නැවත වරක් ස්තූතිවන්ත වෙමි.
හිරු අවරට යත්ම අපිට යන්න හදිසි උනේ ගෙවල් වලින් එන ලද දුරකතන ඇමතුම් නිසාය. සැඳැ අඳුර වැටෙද්දී අපි යන්නට ලක ලෑස්ති උනෙමු. සමුදෙන විට චතුරුකගේ හැසිරීම ඉතාමත් ආතල් විය. ඇත්තටම මා මෙහිදී චතුරුකට ඉතාමත් කෘතඥ වන්නේ මෙවන් දෙයක් කිරීමට මුල් වීම සම්බන්දයෙනි. කෙසේහෝ නැවතත් Google Maps වලට පිං දෙමින් උණවටුනෙන් ගාලු පාරට ගිහින් අපි මාතර බසයකින් තම නිවස් බලා පැමිණියේ ඉතාමත් සතුටිනි.
P. S – තාම පින්තූර ටික edit කොරගන්න වෙලාවක් ලැබුනේ නෑ. ඒකයි original ටිකක් මෙතනට එබුවෙ.
සමහරුන්ගෙ නම් ලියන්න බැරිවුන එකට සොරි වෙන්න ඕන මට එකපාරට මතක් වෙන්නෑ. කලබලෙන් ලිව්වේ
adooooo malli ela hodeeeeee
Pattai malli… 😀
විස්තරේ පටන් ගනිද්දී දොහොත් මුදුන් තබාගෙන හොඳටම ගරු වෙලා තිබුනා ..එත් අන්තිම අන්තිම වෙද්දී සාමානය සැහැ
ල්ලුවෙන්ම අවසන් කරලා තිබුනා ..එහෙම තමයි හොඳ.
ඔව් ඉතින්.. අන්තිම වෙනකොට ඔක්කොම අය ෆිට් උනානේ… 😉
සංචාරය කට්ටියට දැණුනා නම්
අපි සාර්ථකයි
ජය වේවා මල්ලි!
තෑන්ක්ස් අයියෙ