Site Overlay

වල්

සිත් තුළ මතුවෙන වදන් පෙළ බ්ලොගයට ඔබා ගන්නවාදැයි නැද්දැයි පිළිබඳ සිතුවිලි වල සටනක් පසුදින රාත්‍රීයේ සිට තිබින. කෙසේ වුවත් අවසානයේ එය බ්ලොගයේ කෙටීමට මා තීරණය කළෙමි.

ඒ අන් කිසිවක් නොව වල් ගැන කතා කිරීමටය. වල් කියන වචනය තේරුම කුමක්දැයි බැලුවහොත් එය අදහස් කීපයක් ඇති බහු අර්ථ පදයකි. වනය, හීලෑ නොවූ සහ නැහැදිච්ච යන්නයි. එම නිසා මෙය උපසර්ගයක් වශයෙන් හෙළ බසේ යෙදේ. ඒ අනුව,

වල් වැදිලා, වල් අලියා, වල් ඌරා, වල් කොහොඹ, වල් කොල්ලා, වල් කෙල්ලා වැනි වශයෙන් මෙම වචනය දැනට ජන වහර තුළ බාවිතා වේ.

වල් අලියා වල් ඌරා ලෙස භාවිතා වෙන්නේ එම සතුන් හීලෑ සතුන් නොවෙන බැවුනි. නමුත් වල් කොල්ලා යනු හීලෑ නොවන කොල්ලෙක් නොවේ. ඔහු නැහැදිච්ච කොල්ලෙකි

සාමාන්‍ය කොල්ලෙක් ගතහොත් වයස අවුරුදු 14+ තමන්ට තම විරුද්ධ පාර්ශවය කෙරෙහි එක් එක් ආසාවන් පහළවේ. ඔවුන් දෙස බැලීමට, ඔවුන් ඇසුරු කිරීමට සිතේ. එය මනුෂ්‍ය ශරීරය තුළ ඇති සාමාන්‍ය හැඟීමය. ඒ ඔහුගේ නැහැදිච්ච කියා කියනවා නම් එය කියන්නාට එසේ හැඟීම් පහළනොවෙනවා විය හැක. මෙය අනිත් පාර්ශවයටද පොදු සිද්ධාන්තයකි.

නමුත් වල් කමේ යාම යනු වෙනත් අදහසකි. තම විරුද්ධ පාර්ශවයේ අය සමඟ සරාගීව හැසිරෙමින් සහ තවත් අයට සරාගීකම පෑම වල්කම ලෙස හැඳින්විය හැක. එවන් කොල්ලෙක්ට වල් කොල්ලෙක් යැයි කිවහැකි මෙන්ම එවන් කෙල්ලෙක්ට වල් කෙල්ලෙක් යැයි කිව හැක.

Spread the love

6 thoughts on “වල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *