(FlockDraw) කියන්නෙ. මේ වෙබ් අඩවියට ලොග් වෙලා චිත්‍ර අදින්න පුළුවන් ඒ වගේ තමයි ඒ නිර්මාණය ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට වැරදි නිවැරදි කරලා ලස්සනට චිත්‍රය ඉවරකරන්න පුළුවන්. මේක වෙන්නෙ සෝෂල් නෙට්වර්කිං ක්‍රමයට නිසා ෆේසි බුකියෙ ඉන්න යාළුවො කිහිප දෙනෙකුට එකම චිත්‍රයක් අදින්න හැකියාව තියනවා.
මේ වගේ ම තව වෙබ් සේවාවක් තියනවා Pixlr (pixlr.com)කියලා,
ඒක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆොටෝ ෂොප් වගේ තමයි. මේක පින්තූර edit කරන්නත් පුළුවන්.
මේකෙ තියන ටූල්ස් වලින් ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් වෙනවා. අපි ෆොටෝෂොප් වලින් නම් පින්තූරයක් හදලා ෆේස්බුකියට දාන්න නම් අප්ලෝඩ් කරන්න ඕන නේ මේක ඒවගේ නෙවෙයි එවලෙම ඒක ෆේස්බුක් එකත් එක්ක බෙදා හදාගන්න පුළුවන්. මේ වෙබ් සේවාවට pixlr.com/editor හරහා සම්බන්ධ වෙන්න හැකියාව තියනවා.
ගුණාත්‍මකම ක්‍රියාකාරීත්‍වයක් ගන්න බැරි උනත්, හදිස්සියකට මේවා හරි වටිනවා.